විවාහ වී වසර 50 කට පසු යලි විවාහ වේ

Published in අනං මනං
Thursday, 09 October 2014 10:40

මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් ඊයේ  (08දා) අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්‍රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.

අංක 05 ප්‍රීමන් මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි හිටපු නගර නිර්මාණ ශිල්පියෙකු වන, 82 හැවිරිදි ඩබ්.බී ප්‍රනාන්දු මහතා හා 71 හැවිරිදි ඔහුගේ බිරිඳ වන රීටා මාලනී ප්‍රනාන්දු මහත්මිය යුග දිවිය වසර 50 ක් පිරීමෙන් අනතුරුව නැවතත් සිය විවාහය අලුත් කර ගැනීම මෙසේ සිදුකෙරුණි.

අගරදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන්ගේ හා ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ මීසම භාර ඇලෙක්ස් ජෝයි ප්‍රනාන්දු පියතුමන්ගේ ආශීර්වාදය මධ්‍යයේ මෙසේ නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.

මෙම යුවළ මේ වනවිට දරුවන් සිවුදෙනෙකුගේ මාපියන් වන අතර, මුණුබුරු මිනිබිරියන් හත්දෙනෙකුගේ මුත්තණුවන් සහ මිත්තණියයි.

(අද)

1215

2822

2822

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us