රනිල්ගේ විදේශ සංචාර වලින් රටට ලැබුණු ප්‍රතිලාභ ගොඩ මේ ආණ්ඩුවට දරාගන්න බැහැ Featured

Monday, 25 August 2025 12:22

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.

මෙම සංචාර සඳහා රුපියල් බිලියන 1.27ක් වියදම් කර ඇති බවත් හෙළි කර තිබිණි. නමුත් මෙම සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු ලේඛනයේ කිසිදු තොරතුරක් සභාව හමුවේ ප්‍රකාශ නො කර එය සභාගත කිරීමට පරිස්සම් විය. එසේ වුවානම් රනිල් රට ගිහින් මොනවාද කළේ කියා අසන අයට හොඳම පිළිතුරක් ලැබිය හැකි විය.

නමුත් අවාසනාවකට එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිවකුත් හෝ මෙම ලේඛනයේ අඩංගුව මහජනයාට විවෘත්ත කිරීමට කටයුතු සිදු නොකළේය.

මේ නිසා තවමත් මේ රටේ ජනතාව කල්පනා කරන්නේ රනිල් රටේ සල්ලි නාස්ති කරමින් රට සවාරි ගැසූ බවය.

මේ නිසා රටේ ආර්ථික අර්බුදයක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා රට සවාරි ගිහින් රටට දැවැන්ත පාඩු කර ඇති බව ආණ්ඩු පක්ෂයට ජනප්‍රිය චෝදනාවක් නැඟීමේ හැකියාව ලැබී තිබේ. තවමත් ඇද ගෙන යන්නේ එම චෝදනාවමය.

ඒ අතරම රනිල්ගේ රට ගමන් සහ එ්වාට කළ වියදම් විවේචනය කිරීම, සාධාරණීය කිරීමට රටේ ආර්ථික අර්බුදය දඩමීමා කර ගැනීම ද සිදු විය. රනිල් රට ගියේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට විදේශයන්ගේ සහය ලබා ගැනීමට බව ආණ්ඩුවේ අය හිතා මතාම වසං කරයි.

ඒ කෙසේ නමුත් මේ වන විට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක පස් හය වරක් විදේශ ගත වී ඇතත් රටට ගෙන ආ ප්‍රතිලබයන් මොනවාද යැයි තවමත් ආණ්ඩුවට පවසා ගැනීමට හැකිව නැත. ඒ තබා ඇතැම් විදේශ සංචාර වල අරමුණවත් පැහැදිලි නැත.

මේ තත්වයන් හමුවේ රනිල් රට ගියේ රටේ මුදල් කාබාසීනිය කර දැමීමට යැයි රටේ මතයක් හැදීම හැර ආණ්ඩුවට මේ මොහොතේ වෙන කරන්න දෙයකුත් නැත.

- ජයතුංග බණ්ඩාර

Last modified on Monday, 25 August 2025 12:24

Leave a comment

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us