උළු හාල් අහුරේ ගුණ කඳ Featured

Friday, 24 January 2025 12:43

කිරි හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ හැඳි භාගයක් විතර එකතු කලාම එන රසය අපි හැමෝම හොඳට දන්නවා.

ඉස්සර අපේ අත්තම්මලා උළුහාල් එක්ක කරපිංචා ටිකකුත් කබලේ බැදගෙන බෝතලයක දාගෙන හිටියේ හදන හොද්ද වඩාත් රසවත් කරගන්න. මේ විදිහට උළුහාල් වල රසය අපේ කෑම වලට මුසුවෙන්න ගත්තේ අනාදිමත් කාලයක ඉඳලයි. ඒත් ඇත්තටම අපි මොනවද උළුහාල් ගැන දන්නේ. අපි උළුහාල් ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ නේද කියලා මේ ලිපිය කියවන කොට ඔයාලටම තේරුම් යයි.

දේශීය වෙදකමේදී හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී උළුහාල් කුළුබඩුවක්, රසකාරකයක් ලෙස සලකන්නේ නැහැ. එය සලකන්නේ බොහෝ කල්ක, අරිෂ්ඨ, ආසව සඳහා යොදාගන්නා විශ්මිත ගණයේ ඖෂධයක් ලෙසයි.

අපේ ශරිරයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම්, සෙලිනියම්, ඛණිජ ලවණ, විටමින් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ මෙම උළුහාල් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයකින් ද, හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් ද මෙම උළුහාල් ගොඩක් පොහොසත්.

අප ගන්නා ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන ඉන්සියුලින් හෝ​මෝනය නිපදවීම ක්‍රමවත් කරන නිසා මෙම උළුහාල් දියවැඩියාව රෝගීන්ට ඉතාම ගුණදායකයි.

උළුහාල් වල ෆෝලික් අම්ලය අඩංගු වන නිසා උළුහාල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරි දෙන මව්වරුන්ට තම කිරි ස්‍රාවය හොඳින් වර්ධනය කරගන්නත් එය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.

ස්වාභාවයෙන්ම ආහාර රස ගන්වන හා සුවඳ ගන්වන ගුණ උළුහාල් වල අඩංගු නිසා අග්නි දීපනය (බඩගින්න ඇතිකිරීම) සිදුකිරීමත්, ආහාර මාර්ගය ආශ්‍රිත සියලුම ග්‍රන්ථි උත්තේජනය කිරීමත් එයට අමතරව බඩ පිපුම, අජීර්ණ තත්ව, මලබද්ධය, පණුරෝග, ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා හා තුවාල ආදිය සුවකිරීමත් මෙම උළුහාල් වලින් සිදුකරනවා.

උළුහාල් වල වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත නිසා දේහයේ ඇතිවන විවිධ වේදනාවන් විශේෂයෙන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාවන් සඳහා උළුහාල් බොහෝ ගුණ දෙනවා.

සමෙහි ඇතිවන රැළි වැටීම්, අවපැහැ ගැන්වීම් වළක්වා ගැනීම සඳහා රූපලාවණ්‍යය කටයුතු වලදී උළුහාල් කුඩු මඟින් සාදාගත් ෆේස් පැක් හා ස්ක්‍රබ් වර්ග භාවිතා කරන ලබනවා.

හිසකෙස් අකලට වැටීම, හිසකෙස් තුනී වීම, හිස්හොරි ඇතිවීම, තට්ටය පෑදීම වැනි බොහෝ ශීර්ෂ ගැටළු වලටත් තරුණයින්ගේ රැවුල වැවීමේ මද බවටත් මෙම උළුහාල් බොහෝ ගුණදෙනවා.

විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක්. ඒ විතරක් නෙවෙයි සෙම් රෝග හා උගුරේ ඇතිවන ආසාදන තත්වයන් වලටද මෙම උළුහාල් හොඳ ඖෂධයක්.

උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණ සහිත නිසා සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම්, පළු දැමීම්, උෂ්ණ බිබිලි, දද, හා විවිධ කුෂ්ඨ වර්ග ඇති වීම පාලනයත්, ශරීරයේ උණ පාලනයත් හරි ලස්සනට සිදුකරනවා.

මුඛයේ තුවාල, බඩ පිපුම, ගැස්ට්‍රයිටිස්, ලිංගික බෙලහීනතාවය, මුත්‍රාගල්, වාත රෝග, සන්ධි වේදනා, පිළිකා, අක්මා හා මොළයේ ගැටළු වලටද මෙම උළුහාල් දිව්‍ය ඖෂධයක්.

ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාල හා මාර්ග පිරිසිදු කිරීමට උපකාරී වන නිසා කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ව වලට ද ඉතා හොඳ ඔසුවක්.

උපුටා ගැනීමකි..

Last modified on Friday, 24 January 2025 14:00

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us