මරණ දැන්වීමක් වැනි ඒ පෝස්ටරයේ ලියා තිබුණේ “එක මිටට” කියලයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් අලවා තිබෙන ඒ පෝස්ටරයෙන් කියැවෙන අසුබ නිමිත්ත කුමක්ද? එයින් කියැවෙන්නේ මේ රටේ ඊළඟට වීමට නියමිත සමූලඝාතනය ගැනයි.
“එක මිටට” යනු ජවිපෙ කාන්තාවන් එකට එකතු වෙලා හාල් ගැරීම වැන්නක් නොවෙයි. මාක්ස්වාදී දේශපාලනයේ සන්නිවේදනය තුළ ඇත්තේ ඇහැට පෙනෙන කණට ඇහෙන දෙය නොවේ. එහි වෙනත් යටි අර්ථයක් ඇත. 1971 කැරැල්ල ගැන ජවිපෙ සිය ත්‍රස්තයන්ට දැනුම් දුන්නේ “ජේවීපී අප්පුහාමි මියගියා. භූමදානය 5 වැනිදා 5 ට” යනුවෙන් ටෙලිග්‍රෑමයක් යවමිනි. (නූගත් මෝඩ හැත්ත වෙලාව වරද්දා ගත්ත එක වෙනම කතාවක්.) “එක මිටට” යනු ජවිපෙ විසින් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට කරන්නට යන දෙය ඉතා නිර්මාණශීලීව සිය ම්ලේච්ඡ සාමාජිකයන්ට දැනුම් දෙන ආකාරයයි. එනම් සිය ප්‍රතිවාදීන් “එක මිටට” වල දමන බවයි. “සමූහ මිනීවලට” නොකියා “එක මිටට” කීම හරි ලස්සනයි..
ජවිපෙ දේශපාලනය කරන්නේ අනෙකා ඝාතනය කර දැමීමෙන් මිසක් තමන්ගේ ශක්‍යතාවයෙන් නොවෙයි. දේශපාලන බලය ලබා ගැනීමට ඔවුන්ට වෙනත් ක්‍රමයක් නැහැ. එය තේරුම් ගැනීමට උදාහරණයක් කියන්නම්. ඔබ පාසලේදී හෝ ක්‍රීඩා උත්සවයකට සහභාගී වී ඇති. එහි දිවීමේ ඉසව්වක් ගැන හිතන්න. වේගයෙන් දිවිය හැකි ක්‍රීඩකයන් පළමුවැනි දෙවැනි තුන්වැනි ස්ථාන ගන්නවා. ඒ ඔවුන්ගේ සහජ දක්ෂතාවය මත. දැන් ඔබ හිතන්න හතරවැනියා තරගයට කලින් පළමු දෙවන සහ තුන්වන ස්ථාන ගන්නා ක්‍රීඩකයන් කිසියම් ක්‍රමයකින් තරගයෙන් ඉවත් කළා කියා. එතකොට ඔහු/ඇය පළමුවැනියා වෙනවා. ජවිපෙ දේශපාලනය කරන්නේ අන්න ඒ ක්‍රමයට. ඔවුන්ට ඔවුන්ගේම හැකියාවෙන් පළමුවැනියා වෙන්න බැහැ. ඒ නිසා ඔවුන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් තරගයෙන් ඉවත් කිරීම.
ජවිපෙ ඒ සඳහා භාවිතා කරන්නේ වෛරයයි. ඔවුන් එදා සිටම කළේ සිය දේශපාලන ප්‍රතිවාදීන් කෙරෙහි සමාජය තුළ වෛරයක් නිර්මාණය කිරීමයි. උදාහරණයක් ලෙස ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔහු “මහජන ධනය සොරා කෑවා” යන බොරුව සමාජගත කළා. ඒ හරහා ජවිපෙ විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලන කඳවුරට එරෙහිව සමාජයේ වෛරයක් නිර්මාණය කළා. ඉන් පසුව ඔවුන් ඒ වෛරය විසින් ඉල්ලා සිටින දඬුවම ලබාදෙන බවට පොරොන්දු වෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔවුන් ඡන්දය ඉල්ලන්නේ. නැතුව වෙන කිසිම සාධාරණ හේතුවක් වෙනුවෙන් නොවෙයි. මොකක්ද ඒ දඬුවම? රාජපක්ෂලා සහ ඔවුන්ට ගෑවුණු හැමෝම “එක මිටට” තියලා ඝාතනය කිරීම.
ජවිපෙ වෛරී දේශපාලනය අද කරවා ගන්නේ අමරසූරිය වලව්වේ හරිනි මැතිනිය ප්‍රමුඛ කාන්තාවන් ලවා. අප දුටුවා නිළියක් යැයි කියන කතක් ජවිපෙ වේදිකාවක වෛරයෙන් වෙව්ලමින් කියනවා “හිරේ ඉන්න ඕන උන් බලේ ඉන්න රටක් මේක” කියා. ඒ තමයි අර වෛරය සහ එයට ඔවුන් දැනටමත් නිර්දේශ කර ඇති දඬුවම. ඒ තමයි අර චේගුවාරලා ලෙනින්ලා නඩු නොඅසා ප්‍රතිවාදීන්ව හිරේ දාලා වෙඩි තියලා ඝාතනය කළ ඉතිහාසයේ නූතන අවතාරය. හරිනි කියනවා එයා ඇතුළේ “කාලි” ඉන්නවා කියා. ඒ තමයි ඇගේ වෛරය. ජවිපෙ නායකයන් නිතරම කියනවා ඔවුන් බලය ගත් වහාම පිරිසක් අල්ලලා හිරේ දානවාය කියා. නමුත් ඒක නිකම්ම හිරේ දැමීමක් නොවන බව ඉතිහාසය දන්නා අය දන්නවා. ජවිපෙ බලය ගත් පසු කරන පළමු කාර්යය තමයි තමන්ගේ සියලුම වර්තමාන සහ අනාගත ප්‍රතිවාදීන් “එක මිටට” තියලා “එකට ඝාතනය” කරලා “එක වලට” දාලා වහන එක. ඒක තමයි “එක මිටට” කියලා ඔවුන් මේ දවස්වල උත්කර්ෂයට නංවන නපුරු සැලැස්ම.
මම කියන්නේ මේ රටේ සුවහසක් මව්වවරුන්ගේ දරුවන් ක්ලේමෝවලට අහුවෙලා මැරුණු ඒ සාපලත් ත්‍රස්තවාදය නිමා කළ මහින්දලව ගෝඨාභයලව එහෙම “එක මිටට තියලා ඝාතනය කරන්න” කියන්න කටවල් ඇරෙන ගෑණු ඉන්න රටකට ඇත්තටම සුදුසු ජවිපෙ කියලයි. මොකද ඒ වගේ තුච්ඡ විදිහට හිතන ගෑණු ඉන්න සමාජයක නිදහස් ගැහැණු පිරිමි කාටත් ජීවත්වීම කරුමයක්. ඊට වැඩිය හොඳයි ඒ දුර්දාන්ත ගෑණු ඉදිරියේම වෙඩි කාලා මියැදෙන එක. එවැනි ලේ පිපාසිත කාලියම්මලා “එක මිටට” බෙලි කපා ලේ බී ඔවුන්ගේ වෛරයේ පිපාසාව සංසිඳුවා ගනීවී. හරිනි කාලිසූරිය එදාට “එක මිටට” ඒ කඳ සුන් හිසක් අරගෙන ගෝල්ෆේස් එකේ උඩ පැන පැන නටාවී. “මේ බලපල්ලා… මේ බලපල්ලා… අපි උඹලට පොරොන්දු වුණු දෙය කළා…” කියා ලෙයින් නැහැවී දිව එළියට දාගෙන ඇටයක් හිරවුනාක් වැනි ඒ උඩඟු ප්‍රභූ ඇක්සන්ට් එකෙන් මොර දේවී. එහෙමවත් මේ ලක් සමාජය තුළ ජවිපෙ විසින් වපුරා ඇති අසීමිත වෛරය සංසිඳෙනවා නම් අපට සතුටකි. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2024 පෙබරවාරි 20