ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි ! Featured

Wednesday, 11 October 2023 20:01

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (11) සඳහන් කළේය.

මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

ඒ, මිනිත්තු 90ක් තුළ නගර වැසියන් සියලු දෙනාට ඉන් පිට ව යන ලෙස හමාස් සංවිධානය කළ තර්ජනයෙන් පසුවයි.

හමාස් සටන්කරුවන් ඊශ්‍රායල ගම්මාන වෙත කඩාවැදුණු ආකාරය විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි.

වෙඩි තැබීම්වලින් එහි බිළිඳුන් ඇතුළු වැසියන් 100කට වැඩි පිරිසක් මියගියහ.

එමෙන්ම මිනිසුන් සිය ගණනක් ඝාතනයට ලක්වූ ගාසා තීරය මායිමේ පිහිටි කාර් ආසා ජනාවාසය වෙත ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි ව තිබිණි.

''අපි ඉන්නේ කාර් අසාර් ජනාවාසය තුළ. ඔවුන් මියගිය ඊශ්‍රායල ජාතිකයන් ගේ මළසිරුරු ඉවත්කිරීම සිදු කරනවා. මෙහි තිබී බිළිඳුන් 40 දෙනෙකු ගේ සිරුරු සොයාගත් බව එක් හමුදා ප්‍රධානියෙක් පැවසුවා. ඔහු කිව්වේ මේ තරම් කෘෘර දෙයක් තමන් කිසිදාක දැක නැති බවයි. මෙය යුද පිටියක් නෙමෙයි. මේ යුද වැදුණු සෙබළු නෙමෙයි. ඔවුන් ත්‍රස්තවාදීන්''
- නිකොල් සෙඩෙක් - i24NEWS වාර්තාකාරිය -

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමතා ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු පවසන වීඩියෝවක් විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

''ජෝ, මට අවශ්‍යයි ඔබට අපි මුහුණ දීලා තියෙන අසීරු තත්ත්වය ගැන පැහැදිලි තොරතුරු ඔබට කියන්න. අපිට සමූල ඝාතන රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඇතැම් පවුල් ඝාතනය කර තිබුණේ ඔවුන්ගේ ඇඳේදිමයි. කාන්තාවන් දූෂණය කර අමානුෂික ලෙස මරා දැමුණා. ළමුන් ද ඇතුළුව සිය ගණනක් පැහැරගෙන. ඉතිහාසයේ කවදාවත් මෙවැනි දෙයක් අපි අත්දැකලා නැහැ. ඔවුන් ISIS ත්‍රස්තවාදීන්ටත් වඩා දරුණුයි. අපිට ඕනේ ඔවුන්ටත් ඒ ආකාරයෙන්ම සලකන්න''
- බෙන්ජමින් නෙතෙන්යාහු -

මේ වනවිට ගාසා තීරයේ ප්‍රහාරවලින් මියගොස් ඇති පලස්තීන වැසියන් ගණන දහස ඉක්මවා තිබේ.

එහි සේවයේ නියුක්ත ගිලන් රථ පවා ඊශ්‍රායල ප්‍රහාරවලට ලක්වූ බව වාර්තා වේ.

යුද්ධයක් අතරතුර සේවයේ නිරත සෞඛ්‍ය සේවකයන් ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන්නේ යුද අපරාධයක් ලෙසයි.

එමෙන්ම ප්‍රහාරවලින් අවතැන් වූ පිරිස 260,000කට අධික බව සඳහන්ය.

''ගෙවුණු දින කිහිපයේ දි මං ලැබුවේ කිසිදා නොලැබූ අත්දැකීමක්. මං ඉන්නේ ගේ ඇතුළේ. අපිට හුස්ම ගන්න බැහැ. පිටත පේන්නේ මෙහෙම. මම යාලුවෙක්ගෙ ගෙදර ගියා. බෝම්බ හෙලන නිසා අපිට එලියට බැහැල යන්න කිව්වා. අපි කොහේ කියලා යන්නද''
- ප්ලෙස්ටියා අලකාඩ් - ගාසා මාධ්‍යවේදී

-අද දෙරණ !

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us