කැරළි බවට පත් නොවිය යුතු අරගල Featured

Tuesday, 26 April 2022 16:33

රටේ දේපොළ විනාශ කිරීම ආර්ථික අර්බුදයට උත්තරයක් නොවේ. රඹුක්කන අවාසනාවන්ත සිද්ධිය අපට කියා දෙන වැදගත් පාඩම එයයි.

ජනතාවට දැනෙන ආර්ථික පීඩාව බලවත් බව සැබෑවකි. පාලකයන් ඒවාට විසඳුම් සැපයිය යුතු බව ද සැබෑවකි. එහෙත් ගැටලු විසඳන තෙක් රාජ්‍ය දේපොළ ගිනි තබා හෝ පහරදී හෝ විනාශ කිරීම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීම පොලිසියේ වගකීම හා රාජකාරිය වන බැවින් මෙබඳු අවස්ථාවක අහක බලාගෙන සිටීමේ හැකියාවක් ද නැත. එදා එම සිදු වීමේදී පොලිසිය තම බලය භාවිතා නොකරනම් තත්වය දරුණු බව කිව යුතු නැත..මන්ද විරෝධතා කරුවන් ගිනි තැබීමට උත්සාහ කළේ වතුර බවුසරයක් නොවන තෙල් බවුසරයක් නිසාය. පොලිසිය මැදිහත් වී කැරලිකරුවන් පලවා හැරියේ නැත්නම් මුළු රඹුක්කනම ගිනිගෙන ජීවිත හානි ගණනාවක් ද සිදුවීමට ඉඩ තිබිණි. මෙබඳු අවස්ථාවක පොලිසිය ක්‍රියාත්මක නොවන්නේ නම් රටේ ජාතික ආරක්ෂාව අර්බුදයට යයි.

කෙසේ වෙතත් මේම ගැටුමට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබී ඇති අතර, එය රටට අවාසිසහගත විය. ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපතිවරිය කියා ඇත්තේ දෙපැත්තේම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවය. සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය පිළිබඳ තොරතුරු ලැව්ගින්නක් සේ පැතිර යන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයෝ ඊට ප්‍රතිචාර දක්වමින් සිටිති. ආර්ථික වශයෙන් බලවත් පීඩාවක හිරවී සිටින ශ්‍රී ලංකාව තුළ තවත් අර්බුදයක් හටගැනීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. රජය සාමකාමී විරෝධතාවලට පහර දෙන්නේ නැත. ඒවා විසිරුවා හැරීමට උත්සාහ දරන්නේ ද නැත. එහෙත් තත්ත්වය නරක අතට හැරුණහොත් රජයට බලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත. ඒ මහජනයාගේ ආරක්ෂාව හා රටේ ආරක්ෂාව වෙනුවෙන්ය. විරෝධතාකරුවන් හා එහි නායකයන් මේ තත්ත්වය වටහාගත යුතුව තිබේ.

පවත්නා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා රජය බලවත් පරිශ්‍රමයක යෙදී සිටී. මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතර ඒවා සුබවාදී බව වාර්තා වී ඇත. මුදල් අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ අයි. එම්. එෆ්. නිලධාරීන්ගේ පැසසුමට ලක්වී ඇති අතර, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට එම ආයතනය එකඟ වී ඇත. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත. මේ අතර ඉන්දීය රජය අපට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වී ඇත. චීනය ඩොලර් බිලියන 2.5ක මූල්‍යාධාරයක් ලබා දෙන බව කියා ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමේ මාර්ගය සෙමෙන් ඇති වන බව පෙනෙයි. මෙබඳු සුබවාදී පරිසරයක් තුළ රට ගිනි ගතහොත් එය බලවත් ඛේදවාචකයක් වනු ඇත.

දැන් අප කළ යුත්තේ මෙම ගැටුම් වල දිග පළල මැන බැලීම නොව. මෙබඳු සිදුවීම් ඇති වීමට තිබෙන ඉඩ නැති කිරීමය. කොටින්ම උත්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී නොවිය යුතුය. රටේ පවතින විරෝධතා ජාතික ආරක්ෂාවට බාධාවක් නම්, ඒවා විසිරුවා හැරීමේ බලය හා නීති ප්‍රතිපාදන රජයට ඇති බව ද සියලු විරෝධතාකරුවන් වටහා ගත යුතු සත්‍යකි.

-මහේෂි

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us