අලුත් අවුරුද්දේත් පිඩිතයා අමතක නොකළ සේනාධිපති ! Featured

Tuesday, 12 April 2022 19:20

ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති යනු ව්‍යාපාරිකයෙකුට එහා ගිය හදවතක් ඇති අයෙකු බව අප හොඳින්ම දන්නා ප්‍රසිද්ධ කාරණයකි.

මේ රට මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකදීමත් රට නැවත ගොඩනඟන්නට ඔහුගේ නොමසුරු දායකත්වය ලබා දෙන්නට ඔහු දෙවරක් නොසිතුවේය. ඛේදවාචක වලදී පමණක් නොව ''සිරකරුවොත් මනුෂ්‍යයන්ය'' යන හැගීමෙන් විටෙක ඔහුගේ මුදල් සිරකරුවන් පුනරුත්තාපනය වෙනුවෙන් වැය කළේය. විශේෂිත සැමරුම් දිනයන්හීදී ආගමික හා වෙනත් උත්සව අවස්ථා සංවිධානය කිරීම, ප්‍රණීත ආහාර පානයන් සහිත භෝජන සංග්‍රහයන් ලබා දෙන්නටත් බොහෝ අවස්ථා වලදී කටයුතු කළ බව අපට මතකය..

තවත් විටෙක ඔහු සාධාරණව උපයා ගන්නා මුදල් ජීවිතයත් මරණයත් අතර සටන් කරන රෝගීන් වෙනුවෙන් ලබා දුන් වාර ගැනිය නොහැකිය..රුපියල් මිලියන 800 කට වඩා මුදලක් ඒ වෙනුවෙන් වැය කර තිබීමෙන් ඔහුගේ ලතෙත් හදවත ගැන තව අමුතුවෙන් කුමක් කියන්නද? ඒ කිසිදු සද් ක්‍රියාවක් ඔහු සිදු කළේ කිසිවෙකුගේවත් ප්‍රශංසා ලැබීමට නොව ,ඔහු උපන් බිමට ණය නැති සැබෑම දේශප්‍රේමියෙකු නිසාය.

තවත් අටුවාටීකා අනවශ්‍යය. අද දිනයේදීත් ඔහු සිදු කළ තවත් සද් ක්‍රියාවක් පිළිබදව අපට දැනගන්නට ලැබුණි. රට මේ මොහොතේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විදින සමෘද්ධිලාභීන්ට එළඹෙන අලුත් අවුරුද්ද සතුටෙන් සැමරීම සදහා සහනයක් ලබා දීමට ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති මහතා අද දිනයේ කටයුතු කර ඇත.

ඒ අනුව මිරිහාන,කෝට්ටේ,මාදිවෙල යන ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශ මත සමෘද්ධිලාභී පවුල් 500 යකට රුපියල් දසදහසක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කර තිබුණි..

එපමණක් නොව මෙම සහන මලු බෙදා දීම සදහා එම ප්‍රදේශවලම ත්‍රීරෝද රථ පනහක් (50) යොදවා ගෙන තිබුණු අතර එම ත්‍රීරෝද රථ රියැදුරන් සදහා රුපියල් දසදහසක (10000) ක දීමනාවක් ලබා දීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.

-පංචාලි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us