විප්ලවීය දේශපාලන මොහොතක් මඟ හැරෙමින් පවතිනවා..! Featured

Monday, 04 April 2022 13:10

දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට ආගාධයකට තල්ලුවීම පමණයි. ඛේදවාචක පමණයි ඉතිරි වෙන්නේ.

#ගෝඨාගෙදරපලයන් ! සටන් පාඨය, #ගෝඨාමේකකරපන් ! ලෙස වෙනස් විය යුතුයි.

* පළමු හදිසි අව්‍යශ්‍යතාවය ලෙස සලකා විධායක ජනාධිපතිධුරය අහෝසිකර එම බලතල පාර්ලිමේන්තුවට පැවැරීම. එනම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම.

* දෙවන පියවරයන් ලෙස, ආර්ථික මූලෝපායන් වෙනස් කර දැනට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයන් විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑම සහ අනෙකුත් ජාත්‍යන්තර සහය ලබාගැනීම.

ඒ සමගම,

* නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, මේ රටේ සියලු පුරවැසියන් ශ්‍රී ලාංකිකයින් ලෙස සලකා සෑම සියලු දෙනාටම සමාන දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු වන ලෙස එය සැකසිය යුතුය. බලය මධ්‍යගත කීරීමෙන් වැලකීම විය යුතුයි.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනාගමික රාජ්‍යක් විය යුතුය. කිසිදු ආගමික හෝ ජාතිකත්වයකට ප්‍රමුඛතාවයක් අනුග්‍රහයක් නොදැක්විය යුතුය

*සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය තහවුරු කිරීම, ජාති ආගම් භාෂා ලිංග කුල මල ආදී වෙනස්කම් පදනම් කරගෙන වෙනස් කොට නොසැලකීම තහවුරු කිරීම. පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිගැනීම. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීම.

* ජීවත් වීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමේ අයිතිය, ‍රැකියාවක් කිරීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තවදුරටත් තහවුරු කළ යුතුයි.

* විධායක ජනාධිපතිධුරය අහෝසි කර, පාර්ලිමේන්තුවට විධායක බලය පැවැරෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තහවුරු කළ යුතුය. නාමික ජනාධිපතිධුරය දේශපාලන පක්ෂ නියෝජිතයෙක් නොවන පුද්ගලයකු පාර්ලිමේන්තුව මඟින් පත්කළ යුතුය. ජනාධිපති මුක්තිය ඉවත් කිරීම විය යුතුයි.

*ජනාධිපති ඇතුළු මන්ත්‍රී විශ්‍රාම වැ‍ටුප අහෝසි කිරීම, විශ්‍රාමික ජනාපතිවරුන්ට දෙන නිවාස සහ අනෙක් වරප්‍රසාද අහෝසි කිරීම, තීරුබදු රහිත වාහන ලබාදීම අහෝසි කිරීම.

*ජනාධිපති සහ සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම.

*සියලු දේශපාලන පක්ෂවල වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම.

*මැතිවරණ වියදම් ප්‍රසිද්ධ කිරීම.

*මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරුව තහනම් කළ යුතුය.

*යල්පැන ගිය අපරාධ සහ සිවිල් නීති ඉවත් කරන නූතනත්වයට ගැලපෙන යුක්ති සහගත නීති හඳුන්වා දීම.

*අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම, ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවීම.

* ආර්ථික, සංවර්ධන ප්‍රතිපත්ති ඇතුළු ජාතික ප්‍රතිපත්ති සැකසීම සඳහා බලයලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම.

* සියරටදේ සිරිසැපදේ විකාරය අත් හැරිය යුතුයි. පටු ජාතිවාදී,ආගම්වාදී සහ දේශප්‍රේමී මළ විකාරවලට, යල් පැන ගිය ජාතිකවාදී වුවමණාවන්ට, දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති යටත් නොකිරීම විය යුතුයි.

*දශක 5 ක කාලයකට හෝ යටත්ව රජයේ ආදායම් වියදම් පිළිබඳ පුළුල් විගණනයක් කර ආර්ථික ක්ෂේත්‍රය තුළ සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කිරීම සහ නිර්දේශයන් කිරීම සඳහා ආර්ථික විශේෂඥ කොමිසමක් පත් කිරීම.

* රජයේ දූෂණ වංචා නාස්තිය පිටු දකින නව නීති රිති හඳුන්වා දීම සහ එම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීම.

* රාජ්‍ය සේවයෙහි අතිරික්තය ඉවත් කිරීම/ පාඩු ලබන රාජ්‍ය ආයතන ඈවර කිරීම හෝ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරීම.

*රජයේ සහනාධාර වැඩපිලිවෙලවල් නැවත සමාලෝචනය කර අත්‍යාවශ්‍ය සමාජාරක්ෂණ ක්‍රමවේදයකට යෑම මඟින් රජයේ අනවශ්‍ය වැය බර අඩුකිරීම.

* පොදු මහජනතාව මත පටවා ඇති වක්‍ර බදු බර අඩුකර ආදායම් බදු වැඩිකර ගැනීම විය යුතුය.

* දේශීය නිශ්පාදන කර්මාන්ත සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ වෙළඳ පොළ ඉලක්ක කර ගත් සංවර්ධන වැඩපිළිවෙලක් විය යුතු අතර, ඒ වෙනුවෙන් ව්‍යවසායකත්වයට උපරීම සහයෝගය ඉඩ ප්‍රස්ථා සකසා දීම.

* විදේශීය ආයෝජන සඳහා තිබෙන බාධා ඉවත් කිරීම සහ පහසු කිරීම.

මේ ලැයිස්තුවට තව එකතුවිය යුතු දේ ගොඩක් තියෙනවා..

ගෝඨා එළවලා මොකාද ගේන්නේ කියන ප්‍රශ්නයටත් මෙතන උත්තරයක් තියෙනවා. කවුරු ආවත් කළයුතු දේ කිරීමට බල කරන්න මහජනතාවට හැකියි.

සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ආදි ලෙස බෙදීමකින් තොරව මහජනතාව එක මිටට පාරට බැහැලා ශ්‍රී ලාංකිකයන් ලෙස එක පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමේ ඓතිහාසික මොහොතක් ගත කරමින් සිටින මේ ස්වර්ණමය අවස්ථාවේ එහි උපරීම දේශපාලනික ප්‍රයෝජනය රටට අත්පත් කර දීමේ හැකියාව සියළු දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. මේ අවස්ථාව පටු පාර්ශ්වික දේශපාලනික වුවමණාවන්ට යටත් කරලා විනාශකරන්න එපා.

රට ගැන ජනතාව ගැන යම් වගවීමක් ගෝඨාභය රාජපක්ෂට තියෙනවා නම් ඔහු මේ ප්‍රතිසංස්කරණයන්ට එකඟවීම සිදුවෙනු ඇත.

ඒ මොක වුණත් බිත්තියට මේ හේත්තු වෙච්ච වෙලාවෙත් රාජපක්ෂලා තවදුරටත් වටංගු ගසමින් පවුලේ බලය රැකගැනීමේ හුදු වේතනාවෙන්ම කටයුතු කරන්නේ නම් වෙන කරන්න දෙයක් නෑ. ගහලා හරි එළවන්නම වෙනවා. නමුත් විනාශයකින් සියල්ල කෙළවර වෙයි..

ඒත් ඊට පෙර දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට සියළු උත්සාහයන් කළ යුතුයි. ඒ විප්ලවීය මොහොත මඟහැර ගන්න එපා. සටන සැබෑ ජනතා ජයග්‍රහණයක් වෙත මාරු කළ යුතුයි.

- සුභාෂ් ජයවර්ධන

FB පිටුවෙන්

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us