කොහොම නමුත් විදුලි බලය කපා හැරීමකින් තොරව පවත්වාගෙන යෑම වෙනුවෙන් රජය දැඩි උත්සාහයක යෙදී සිටින බවත් පෙනෙන්ට තිබේ. එහෙත් ඒ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව සමත් වෙන තාක් පමණි. විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වුව හොත් ඛනිජ තෙල් හිඟ වීම විදුලියට පමණක් නොව රටේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම දැඩි අසීරු තාවයකට තල්ලුකිරීම සිදු වනු ඇත.
අද මුහුණ දෙන බරපතල ප්‍රශ්නය වී තිබෙන්නේ රටේ විදේශ විනිමය ආදායම් අපේක්ෂා කළ ලෙස නොලැබීමය. කොවිඩ් වසංගත තත්වය නිසා මුහුණ දීමට සිදුවූ ආපදාවන් මීට මුලිකවම හේතු විය. එසේ නොවන්නට සාමාන්‍ය වශයෙන් රටේ ආර්ථිකය ගමන් කළ ආකාරය අනුව එවැනි අර්බුදයක් ඇති වීමට වෙනත් හේතුවක් නොවීය.
කොහොම නමුත් වත්මන් රජය විසින් මේ වන විට ක්‍රියාවට නගා ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙල, කොවිඩ් අර්බුදය නිසා රට වැටෙන්නට තිබූ ඉතා ව්‍යවසනකාරී තත්වයෙන් මුදවා ගැනීමට හේතුව වූ බවත් මතක් කළ යුතුය. විශේෂයෙන්ම දේශීය නිශ්පාදන ආර්ථිකය ගොඩනැංවීම කෙරෙහි වැඩි බරක් යොදා කටයුතු කිරීමට වත්මන් පාලනය පිහිටවූ මොහොතේ සිටම ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබිණි. වසංගත තත්වයන් හමුවේ පවා එම වැඩ පිළිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ගත් වෙහෙසකර ව්‍යායාමය මත අද රට වැටෙන්න නියමිතව තිබූ මහා ආගාධයට නොවැටී සිටීමට හේතු විය. වසංගත තත්වය නොවුවා නම් අද සෞභාග්‍යයේ දැක්ම සාර්ථත්වයෙ හිණි පෙත්තට පැමිණ රටේ සංවර්ධනය විශාල පිම්මකින් ඉදිරියට පැමිණීම නියත වශයෙන් සිදු වන බව අසීරු තත්වයන් හමුවේ පවා අද එම වැඩපිළිවෙල අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වය මත උපකල්පනය කළ හැකිය.
මේ වන විට දේශිය නිශ්පාදන කර්මාන්තයන් අලුත් ජවයකින් පණ ගසා නැගිටමින් තිබේ. පසුගිය වසර දෙක තුනෙහි දේශීය නිශ්පාදන සම්බන්ධයෙන් වන සංඛ්‍ය දත්ත පරික්ෂා කිරීමේදී දේශීය කර්මාන්ත නිශ්පාදනයන්ගේ වර්ධනය පැහැදිලිව පෙන්නුම් කරයි.
පසුගිය ජනවාරි 25 වෙනිදා මහ බැංකුව නිකුත් කළ වාර්ථාව අනුව මෙරට අපනයන ආදායම් හී වර්ධනීය තත්වයන් පෙන්වා දෙයි. මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන ලෙස සැලකෙන කෘෂි කර්මය, කාර්මාන්ත සහ සේවා අංශයන් සියල්ලේම වර්ධනීය තත්වයන් කොවිඩ් වසංගතය හමුවේ ද කඩා වැටීමකට ලක් නොවී තිබෙන බව පෙනී යයි. විශේෂයෙන්ම කාර්මික භාණ්ඩ නිශ්පාදන අපනයන ක්ෂෙත්‍රයෙහි විශාල වර්ධනයක් පෙන්වා තිබේ .
2020 වසරේ නොවැම්බර් මාසයේදී කාර්මික අපනයනය හරහා ලැබුණු ආදායම වූ ඩොලර් මිලියන 597.4ට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේදී එම අපනයනය ආදායම ඩොලර් මිලියන 935.4ක් වූ බව මහ බැංකුව පවසයි.
ඒ අනුව පෙර වසරට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී මෙරට කාර්මික භාණ්ඩ අපනයන ආදායම 56.6%කින් ඉහළ ගොස් තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ රේගු දත්ත උපුටා දක්වමින් 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සඳහන් කරමින් මහ බැංකුව මේ බව පවසයි.
එහි දී ප්‍රධාන වශයෙන් ඇගලුම් (61.9%), ඛනිජ තෙල් නිෂ්පාදිත (177.7%), රබර් නිෂ්පාදිත (49%) සහ සත්ත්ව ආහාර (494.2%) ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලෙස ඉහළ යාම මෙම වැඩි වීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත් ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් ඇදුම් උපාංග) කාණ්ඩයේ ඉපැයීම්වල පහළ යෑමක් (-61.1%) වාර්තා විය. මෙයට හේතුව මේ වන විටත් පවත්නා ආනයන භාණ්ඩ සීමා කිරීම නිසා වූ අමුද්‍රව්‍ය හිඟය සහ ප්ලාස්ටික් පොලිතින් නිශ්පාදනය සම්බන්ධ නව පාරිසරික නීතිමය තත්වය විය හැකිය.
කෙසේ වෙතත් සියලුම ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත සිදුකළ ඇගලුම් අපනයන් ද වර්ධනය වී තිබේ. ඛනිජතෙල් නිෂ්පාදිත අපනයනවලින් ලැබෙන ඉපැයීම් ඉහළ යෑම සඳහා නැව් සහ ගුවන් යානා සඳහා යොදාගනු ලබන ඉන්ධනවල මිල ගණන් ඉහළ යෑම සහ නැව් සඳහා යොදා ගනු ලබන ඉන්ධනවල අපනයන පරිමා ඉහළ යෑම හේතු වී තිබේ.
රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම සඳහා ටයර් සහ අත්වැසුම්වලින් ලද ආදායම ඉහළ යෑමට හේතුවක්වී තිබේ. මේ අතර ප්‍රධාන වශයෙන් තිරිගු අවශේෂ හේතුවෙන් සත්ත්ව ආහාර අපනයනයෙන් ලද ආදායම විශාල වශයෙන් ඉහළ යාම සිදුවූ බව මහ බැංකුව පවසයි.
දේශිය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනැංවීම වෙනුවෙන් ගත් උත්සාහය නිසා අද අපනයන බෝග නිශ්පාදනය රැල්ලක් බවට පත් වෙමින් තිබේ. විශේෂයෙන්ම තේ නිශ්පාදනය සහ අපනයන ආදායම් වර්ධනය පසුගිය වසරෙහි කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. පොහොර ගැටළුව නිසා මේ අපනයන බෝග ක්ෂේත්‍රය මහා කඩා වැටීමකට ලක් වෙනු ඇතැයි විශාල ඝෝෂාවක් පැවැතියද ඒ අද පුස්සක් වී තිබේ. එසේම බොරු ප්‍රචාරක මෙහෙයුම් අසාර්ථක කරමින් කාබනික බෝග වගාවේ සාර්ථකත්වයන් දැන් ඔප්පු වෙමින් තිබේ.
මේ අතර ඉතිහාසගත වාර්ථාවක් තබමින් මත්ස්‍ය නිශ්පාදන අපනයනය ඉහළම අගයක් පෙන්වා ඇත. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 318ක් ( 2020 වර්ෂයේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක් විය) උපයා ගැනීමට සමත් විය.
ඒ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉස්සන් වගා නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 14,415 ක්, පසුගිය වසරේදී වාර්ථා විය. ඉස්සන් අපනයන ආදායම 162%කින් වර්ධනය විය. විසිතුරු මත්ස්‍යයන් අපනයන වටිනාකම 74% කින් වර්ධනය විය.
එමෙන්ම 2020 දෙසැම්බර් මස වන විට දෛනිකව දේශීය නිෂ්පාදනය වූ දේශීය ටින් මාළු ටින් 90,000ක ප්‍රමාණය 2021 දෙසැම්බර් වන විට දෛනිකව නිෂ්පාදනය 220,000 දක්වා දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමට හැකි වී ඇත. රටේ දෛනික අවශ්‍යතාවය ටින් 275,000 ක් පමණ වේ.
මේ අනුව මෙරට නිශ්පාදන ආර්ථිකයේ පැහැදිලි දියුණුවක් මේ වනවිට පෙන්වා තිබේ. විදේශ වෙළඳපොළ ඉලක්ක කරමින් මෙම කර්මානත තවදුරටත් දියුණු කිරීම මඟින් මෙරට විදේශ විනිමය අර්බුදය නොබෝ කලකින් අවසන් විමේ මොහොත එළඹෙනු ඇත.
තවදුරටත් ගැටලුවක්ව පවතින්නේ සංචාරක කර්මාන්තය, කොවිඩ් වසංගත තත්වය හමුවේ කඩා වැටීමය. එය මේ වන විය කෙමෙන් යථා තත්යට පත්වන ලකුණුද පෙනෙන්නට තිබීම සුබවාදී අපේක්ෂා දල්වන්නකි.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම අනෙත් මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 වසරේදී දී තවදුරටත් පහළ ගොස් තිබීම මෙරට ආර්ථිකයට තදබල ලෙස මේ මොහොතෙත් බලපා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමකි.
මෙම තත්වය වෙනස් කරගැනීම උදෙසා නිර්මාණාත්මක් විශ්වාසනීය පියවරයන් අනුගමනය කිරීමට මහ බැංකුව පියවර ගත යුතුව ඇත. විනිමය අනුපාතය පිළිබඳ ගැටලුව ඉක්මනින විසඳා ගැනීමට හැකි වුවහොත් මෙම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ සුපුරුදු ලෙස මෙරටට අඛණ්ඩව ගලා එනු ඇත.
කොහොම නමුත් මේ පෙන්වන සංඛ්‍ය දත්ත අනුව පසුගිය වසරේදී රට ආර්ථිකමය වශයෙන් මුහුණ දුන් අසීරුතාවයන් විශාල වශයෙන් සමතයකට පත් වීම ඉදිරි මාස කිහිපයේ දී සිදුවීම අනිවාර්‍යයක් වනු ඇත.
වත්මන් රජය ක්‍රියාවට වංවා ඇති දේශීය නිශ්පාදන ආර්ථිකය ගොඩනැවීමේ වැඩපිළිවෙලෙහි උපරීම ප්‍රතිපලය රට අත්පත් කරගන්නා දිනය මේ රටේ ඉතිහාසයෙහි සෞභාග්‍යමත්ම යුගයේ ආරම්භය වනවාට සැක නැත.
විපක්ෂය දින ගැන ගැන සිටියේ රටම අඳුරුවන දිනයක් එළඹෙන තෙක්ය. එහෙත් එහෙම දිනයක් උදා වන්නේ නැත. හෙට දවස එච්චර කළුවර වන්නට දැන් හේතු නැත. මන්ද අලෝකය දෙසට රට ගමන් කරමින් තිබෙන නිසාය.
- the novemberist