රට ගිනි ගනිද්දී, ගිටාර් ගැසීම....

Tuesday, 16 November 2021 20:38

ගරු විපක්ෂ නායක තුමනි,

ඔබතුමා මුළින්ම පාර්ලිමේන්තුවට තේරී පත්ව දැනට වසර 21 කි. වසර 2000 දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි ඔබව 2001 දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පුදනු ලැබීය. වසර 3 ක පමණ කාලයක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබේ රාජකාරි කටයුතු ඉටු කළ හෙයින්ම ඔබට ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව මනා වැටහීමක් ඇතැයි මම සිතමි.

බොහෝ දේශපාලනඥයෝ කියවීමේ රුසියෝය. නමුත් මෙහිදී කියවීම ලෙස මා අදහස් කරන්නේ පොත්ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් පමණක් නොව එංගලන්තයේ මිල් හිල් විද්‍යාලයෙන් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයෙන්ද අධ්‍යාපනය හදාරා ඇති ඔබට නිකොලායි මකියාවෙලිගේ "The Prince" හෙවත් "කුමාරයා" කියැවීම අතපසු වූ බවක් සිතන්නට වත් මම අකැමැතිය.

"කිසියම් අලුත් කුමාරයෙකු ඉහත දැක්වුණු ප්‍රතිපත්ති බුද්ධිමත්ව අනුගමනය කරන්නේ නම් මනා ස්ථාවරත්වයක් ඔහු වටා ගොඩ නැගෙන බව කාහට වුවද පෙනී යන්නේය; ටික කාලයකට කලින් ඔහුගේ රාජ්‍යය තුළ පැවැතියාට වඩා හොඳ ක්‍ෂණික සුරක්ෂිතතාවක් මෙන්ම වඩාත් ප්‍රබල ස්ථාවර ශක්තියක්ද එහි ගොඩ නැගෙන්නේය. අලුත් කුමාරයාගේ ක්‍රියා කලාපය පාරම්පරික කුමරෙකුගේ කටයුතු වලට වඩා බෙහෙවින් සමීපව අන්‍යයන්ගේ නිරීක්ෂණයට භාජනය වන අතර, අලුත් කුමාරයාගේ වැඩ පිළිවෙල යහපත් බව ජනතාවට මැනැවින් අවබෝධ වුව හොත් ඔව්හු, පැරණි පෙළපතකින් එන කුමාරයෙකු වෙත නොව අලුත් කුමාරයා වෙත ඉතා වේගයෙන් ආකර්ෂණය වෙති. පැවති තත්ත්වයට වඩා, පවත්නා තත්ත්වය කෙරෙහි මිනිසාගේ දැඩි අවධානය යොමු වන නිසාත්, පවත්නා තත්ත්වය තමන්ගේ තෘප්තියට හේතු වෙතැයි අවබෝධ වන විට ඔවුන් අන් කිසිවක් හඹා නොයන නිසාත්, අලුත් කුමාරයා ඔහුගේ වගකීම් සහ යුතුකම් නොකරන තාක් කල් මිනිස්සු ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා හැකි හැම දෙයක්ම කරති." - (නිකොලායි මකියාවෙලි, 1513 දී රචිත "The Prince" 24 වන පරිච්ජේදය, පළමු කොටස)

ඔබ පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණ දැනට වසර 21 කි. පාර්ලිමේන්තුවේ දශක දෙකක් යනු දේශපාලනඥයෙකුට එසේ මෙසේ කාලයක් නොවේ. මේ කාලය තුළ ඔබ බොහෝ දේ ඉගෙන ගන්නට ඇති. කෙසේ නමුත් දේශපාලනයේදී ඔබ උගත් දේ ජනසෙත පිණිස මෙන්ම ජනසුව පිණිස ප්‍රයෝගිකව පරිහරණය කරනවාද යන්න නම් ඉතා විවාදාත්මකය. මා පෞද්ගලිකව ඔබ දකින්නේ කිසිදු ඉවසීමක් නැති දේශපාලනඥයෙකු හැටියටයි. ඔබගේ පියතුමාද කලෙක ඉවසීමක් නැති දේශපාලනඥයෙකු විය. ඔබ මෙන්ම, එතුමාද සිය පක්‍ෂ නායකයා (ඩඩ්ලි සේනානායක මහතා) සමඟ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධානය අරභයා ඇති කරගත් මත ගැටුම් හේතුවෙන් 1972 දී පුරවැසි පෙරමුණ පිහිටුවා ගෙන එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වූ අයුරු කරුණු සහිතව ඉතිහාසය පෙන්වා දෙයි. 1973 අප්‍රේල් 13 ඩඩ්ලි සේනානායක මහතා හෘදයාබාධයකින් මියයාමත් ඔබගේ පියතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව පුරවැසි පෙරමුණ පිහිටුවා ගැනීම අතරත් ඍජු සම්බන්ධයක් තිබූ බවට ඩඩ්ලිවාදීන් දොස් පරොස් නැගූ අන්දමද ඉතිහාසයේ සටහන්ව ඇත.

කෙසේ වුවත් සේනානායක මහතාගේ අභාවයෙන් පසුව, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීමෙන් පුරවැසි පෙරමුණ නවතා නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වී, එහි ග්‍රාමීය ජන පදනම වඩ වඩාත් පුළුල් කරමින් රණසිංහ ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට කරන ලද මහා මෙහෙවර නිසා එහි නියෝජ්‍ය නායකත්වයට පත්ව, 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති ධුරයෙන්ද, පාර්ලිමේන්තුවේ සභානායක ධුරයෙන්ද පිදුම් ලබා 1978 පෙබරවාරි 23 සිට 1989 ජනවාරි 1 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද, 1989 ජනවාරි 2 සිට 1993 මැයි 1 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන්ද පිදුම් ලැබුවේ පසු කාලීනව ඔහු විසින්ම ගොඩ නගා ගත් ශික්ෂණය සහ දැඩි ඇප කැපවීම නිසාමය. පියතුමාට තිබුනේත්, පුතුණුවන්ට තවමත් නැත්තෙත් එම ශික්ෂණය සහ දැඩි ඇප කැපවීමමය.

2019 නොවැම්බර් 17 උදෑසන වෙද්දී නිකුත්ව තිබූ ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල වලට අනුව සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා ලබාගෙන තිබූ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 52% ද ඉක්මවා ගොස් තිබුණද දහවල් කාලය වන විට රටේ අනෙකුත් ප්‍රදේශ වලින් ලැබෙන්නට වූ ජන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වලංගු ජන්ද 6,924,255 (52.25%) ලබා ගෙන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ අතර වලංගු ජන්ද 5,564,239 (41.99%) ලබා ගන්නට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අතර සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයාය. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක විපක්ෂ නායකයා යනු ආණ්ඩුවේ සියලු කටයුතු වලට විරුද්ධ වන නායකයෙක් නොවන අතර විපක්ෂ නායකයා රටට විකල්ප නායකයෙකුගේ භූමිකාව ඉස්මතු කර පෙන්විය යුතුය. අපේ විපක්ෂ නායකයා තුළින් ගම්‍ය වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ තත්තවයකි. හේ විරුද්ධ නායකයෙක්ම පමණක් වන අතර කිසි විටෙක විකල්ප නායකයෙකු වශයෙන් ක්‍රියා කිරීමට තමන්ට ඇති හැකියාව පෙන්වා නොමැත.

2019 අවසානයේ පටන් මේ දක්වා අපේ රට කොවිඩ් වසංගතයෙන් අතොරක් නැති පීඩා විඳිමින් සිටී. වසංගතය මර්ධනය කරණු වස් කිහිප වරක්ම වටින් විට රට වැසීමට සිදුවීමෙන් වූ ආර්ථික හානියෙන් ගොඩ ඒමට අපට තවමත් හැකියාවක් ලැබී නොමැත. කිසිදු ආර්ථික වර්ධනයක් නොමැති වසංගත සමයකදී වුවද, සිය ජනතාව වසංගතයෙන් ආරක්ෂා කරගැනීමේ පරම අභිලාෂයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැඩි ඇප කැපවීම මත රටම වසංගතයට එරෙහිව එන්නත්කරණයට බඳුන් කොට ජනතාවගේ ජිවිත රැක දීමට ජනාධිපතිවරයා සමත් විය. ජනතාවගේ ජිවිත ආරක්ෂා කර දීමේ යුද්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම රටත් ජයගෙන ඇති පසුබිමෙක, ජනාධිපතිවරයා දැන් යෙදී සිටින්නේ එසේ රැකගත් ජනතාව ජිවත් කරවීමේ යුද්ධයටයි. මේ නම් එසේ මෙසේ කාර්යයක් නොවේ.


රටේ ආර්ථික සංවර්ධනය, රටේ විදේශ විනිමය සංචිත ආදිය කොරෝනාවේ රුදුරු බලපෑමෙන් නීති වී ගොස් ඇති කාලයක, රටේත් ජනතාවගේත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට නම් වසංගතය මර්ධනය කරමින්ම ආර්ථිකය වර්ධනය කිරීමේ භාරධුර කාර්යය වෙත අප සම යොමුවී සිටිමු. 69 ලක්ෂයට, 55 ලක්ෂයට පමණක් නොව පොදුවේ ගත කළ රටේ සැමටම උදාවී ඇත්තේ අසීරු, අමාරු කාලයකි. ඒ බව නොතේරෙන්නේ හය හතර නොතේරෙන ළදරුවෙකුටමය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් රටත්, ජනතාවත් ආරක්ෂා වී සිටිය යුතුමය. නොඑසේ නම් ඒ වෙනුවෙන් දරන කවරාකාර උත්සාහයක් වුවද ව්‍යර්ථ වී යනු නොඅනුමානය. විරුද්ධ නායකයා වශයෙන් නොව විකල්ප නායකයෙකු ලෙස ඔබ වටහා ගත යුත්තේත් මෙයමය.

අපේ රටේ කොවිඩ් වසංගතය ඉතා අපහසුවෙන්, මනා කැපවීමෙන් යම් තාක් සාධනීය මට්ටමකට පාලනය කරගැනීමට ජනාධිපතිතුමා සමත්ව ඇත්තේ මේ රටේ සෞඛ්‍ය අංශවල, ආරක්ෂක අංශවල මෙන්ම ජනතාවගේද උදව්වෙනි. විකල්ප නායකයෙකු ලෙස ඔබගේද වගකීම විය යුත්තේ එයම නොවේද? දේශපාලනඥයෙකු ලෙස ඔබට "රාජ්‍යය" යන්නෙහි අර්ථ නිරූපනය පිළිබඳව වැටහීමක් ඇති බව මම විශ්වාස කරමි. ඔබ විසින් උත්සාහ ගත යුත්තේ දේශපාලනය, රාජ්‍යය, ආණ්ඩු කිරීම සහ රාජ්‍යයට සම්බන්ධ භාවිතා පද්ධතියක් ලෙස තේරුම් ගැනීම මෙන්ම දේශපාලනය යන්න මිනිසුන් අතර පවත්නා බල සම්බන්ධතාවයක් සහ සමාජ භාවිතයක් ලෙස තේරුම් ගැනීමටයි. දේශපාලනය එසේ තේරුම් ගැනීමට ඔබ පොහොසත් වුවහොත්, ඔබ මෙවන් වසංගත සමයකදී පුරවැසියා රකින්නට මිස ඔවුන් අනවශ්‍ය ලෙස තැන් තැන්වලට ඒකරාශී කොට ඔවුන් වැනසීමට ක්‍රියා නොකරනු ඇති. ඔබතුමා මෙම වසංගත සමයේදී මිනිසුන් නසන නායකයෙකු නොව මිනිසුන් රකින නායකයෙකු ලෙස පරමාදර්ශී චරිතයක් වුව හොත් ප්‍රේමදාස පවුලට සම්බන්ධ කර ඇති "ජනඝාතක" විශේෂණ පදය ඉවත් කිරීමට ඔබට හැකි වනු ඇති.

"කුමාරයෙකු ජනතාවගේ ආදරය ලබන්නෙකු විය යුතුද, නැතහොත් ඔවුනට බිය උපදවන්නෙකු විය යුතුද යන ගැටලුව කරා ආපසු පැමිණෙමින් මම මෙසේ නිගමනය කරමි: කුමාරයෙකුට මිනිසුන් ආදරය කරන්නේ ඔවුන්ගේම යහපත පතාගෙනම නිසාත්, කුමාරයෙකු මිනිසුන්ට බිය උපදවන්නෙකු වීම කුමාරයාගේම යහපත පිණිස වන නිසාත් බුද්ධිමත් කුමාරයෙක් තමාගේ පදනම සකසා ගත යුත්තේ තමාට අයත් වන දේ - යහපත - මත මිස අනුන්ට අයත්වන දේ මත නොවේ. ඒ සමඟම කුමාරයා උත්සාහ කළ යුත්තේ ජනතා වෛරයට පාත්‍ර නොවී සිටීම සඳහා පමණකි." - නිකොලායි මකියාවෙලි

කමල් ගමගේ

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us