වසර දෙකයි ... මොකද වුණේ ? Featured

Tuesday, 16 November 2021 22:11

මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් 69 ලක්ෂයකගේ ජනතා වරමින් ජනාධිපති ධුරයට පිවිස 2021.11.16 වන අද දිනට වසර දෙකකි.

එදා ඔහු ජනාධිපතිධුරයේ පිහිටන විට සෞභාගයේ දැක්ම නමින් පොරොන්දු පත්‍රයක් ඔහු විසින් ජනතාවට ලබා දුන්නේය. අද දිනට අවුරුදු දෙකක් ගත වන මොහොතේ සමාජයේ විවිධ පාර්ශව විසින් විවිධ කතිකාවන් ගොඩ නගමින් සිටිති. ඒ සෞභාගයේ දැක්ම පොරොන්දු ප්‍රකාශයේ සදහන් පොරොන්දු ඒ අයුරින් ජනතාවට ඉටු කළේද යන්නය. ඒ පිළිබදව අදහස් ලියා දැක්වීමට ප්‍රථම වසර දෙකකට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙරට භාර ගැනීමේදී රටේ තිබු තත්වය පිළිබදව සිහි කර ගැනීම වඩා යෝග්‍ය වනු ඇත.

රටේ නීතිය දේශපාලකයන්ට අවශ්‍ය ලෙස හැසිරවීමට විධායක සභාවල් පිහිටුවමින්, විරුද්ධ දේශපාලන මතධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උසාවි ගානේ රස්තියාදු කරවමින්, සිරගත කරමින් විරුද්ධ දේශපාලන මත දරන්නාවුන්ගෙන් පළිගනිමින් වෘත්තීය සමිති නායකයින් සිරගත කරමින් වැඩ තහනමට ලක් කරමින් ගෙනගිය ජනතා විරෝධී ව්‍යාපාරය 2015දී ආරම්භ විය.

රටේ ජාතික සංවර්ධනයේ අනාගත කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය, මහනුවර අධිවේගී මාර්ගය හා වෙනත් බොහෝ ව්‍යාපෘති වංචා දූෂණ ලේබල් ගසා නවතා දැමීම නිසා රටට අහිමි වූ මුදල රුපියල් බිලියන ගණනකි. කිසිදු පදනමකින් තොරව “නිවාස සංවර්ධන අධිකාරිය” වැනි ආයතන තුළන් සිදු කළ දේශපාලනික ප්‍රචාරයන් නිසා රටට අහිමි වූ මුදල බිලියන ගණනකි. එසේ පදනමකින් තොරව “උස නම් සිකියුරිටි - කොට නම් කම්කරු” ක්‍රමයට හොර පාරෙන් සේවකයින් අතිරික්ත ලෙස බඳවා ගැනීම නිසා රාජ්‍ය ආයතනවලට සිදුවූ පාඩුව රුපියල් බිලියන ගණනකි.

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර නිසා රටේ ජාතික ආරක්ෂාව බින්දුවට වැටී තිබුණ ආකාරය ද 30 වසරක පැවැති ත්‍රස්තවාදය පැරදවීමට කැප වූ සිංහල, දෙමළ, මුස්ලිම් රණවිරුවන් පවාදීමට අවශ්‍ය ජිනීවා සම්මුතීන් සඳහා අත්සන් කිරීම වැනි මහා පාවාදීම් සිදු වූයේ ද ඒ යුගයේය.

එදා මෙදා තුර සිදු වූ ලොකුම මූල්‍ය වංචාව වන මහබැංකු මංකොල්ලය සිදු වූයේ මහ දහවලේය. නොයෙක් චරිත සහතික දෙමින් රැගෙන ආ සිංගප්පුරු පුරවැසියා, අර්ජුන මහේන්ද්‍රන් අදට ද සොයාගැනීමට නොහැක. සිදු වූ හොරකම පරම්පරා ගානකට පියවා ගැනීමට බැරිතරම්ය.

කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ එම යුගයේදී අඩුම තරමේ මහජන මුදලින් ගුවන්ගත කළ බැලුන් එකවත් සාර්ථක කරගැනීමට නොහැකි වුණු පිරිස් අද ‘සර් ෆේල්’ කියමින් ගොබෙල්ස් තියරිය දමමින් ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමට දරණ උත්සහාය දකින විට ඇතිවන්නේ ජුගුප්සාවකි.

ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය විශාල කඩා වැටීමකට ලක් වී ඉතා දුර්වල මට්ටමක තිබු බවත් රැකියා වියුක්තිය යළි ඉහළ ගොස් තිබු බවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩාවැටීම නිසාත් අධික දේශිය සහ විදේශ ණය බර නිසාත් ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණු බවත් මතක් කිරීමට සිදු වේ.

ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණු බැවින්, ඉහළ පොලී අනුපාතයන් හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටීම නිසා මේ තත්වය පාලනය කිරීමට කඩිනම් පියවර රාශියක් ගැනීමට එම මොහොතේ සිට ජනාධිපතිවරයා සමත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ පිහිටුවීමට ජනතාව දෙවරක් නොසිතා ක්‍රියාත්මක වුයේ එවකට රටේ පැවති අරාජික බව හේතුවෙන්ය. පුරවැසියාගේ ආරක්ෂාව පිළිබද සුවිශාල අර්බුධයක් රටේ නිර්මාණය වුයේ පාස්කු ප්‍රහාරය සමගය. එහිදී ජාතික ආරක්ෂාව පිළිබද නැවත නැවතත් ජනතාවට සිතීමට සිදු විය. ඒ සමග මෙරට භාර දීමට නියම සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ බව රටේ බහුතර මතය විය. ඒ අනුව ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයකගේ ජන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා පුරවැසියා අපේක්ෂා කළ පළමු බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමට අවශ්‍ය මුලික පියවර ගනු ලැබුවේ අඩපණ කර තිබු බුද්ධි අංශ නැවතත් ශක්තිමත් කරමිනි.

මේ සියල්ල ක්‍රමානුකුලව පිළිවෙළකින් අරඹන විට සෞභාගයේ දැක්මට මරු පහරක් එල්ල වුයේ ලොව පුර වෙළාගත් කොවිඩ් මාරයා නොබෝ දිනකින් ශ්‍රී ලංකාවටද ඇතුළු වීමත් සමගය. එය රටේ ආර්ථිකයට මරු පහරක් විය. එහෙත් එය ක්‍රමානුකුලව මැඩපවත්වමින් අනෙකුත් රටවල් අභිබවා යමින් එන්නත් කරණයෙන් ජාත්‍යන්තරයේම අවදානය දිනා ගනිමින් පැසසුම් ලබා ගැනීමට තරම් ආණ්ඩුව ශක්තිමත් විය. වසර දෙකක් ගෙවී ගියද අප සිටින්නේ තවදුරටත් වසංගත භීතිය මැදය. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී සෞභාගයේ දැක්මේ ඇතැම් ජනතා පොරොන්දු ආණ්ඩුවට ඉටු කර ගත නොහැකි වූ බව සත්‍යකි. එයට හේතු කාරණා වුයේ බොහෝ ජනතා අපේක්ෂාවන් පසෙක තබා පුරවැසියාගේ ජිවිත සුරැකීමේ වගකීම ආණ්ඩුව කරට ගෙන වසංගතය සමග අදද සටන් වදිමින් සිටින නිසා යැයි ජනතාවට මතක් කරන්නෙමු.

ගෝඨාභය රාජපක්ෂයන් සෑම විටම ජනප්‍රිය තීන්දු ගත් නායකයෙක් නොවේ. රසායනික පොහොර තහනම් කරමින් මෙරට කාබනික පොහොර වගාවන් ව්‍යාප්ත කිරීමට පියවර ගැනීම මෙයට කදිම උදාහරණයකි. සමාජයේ අන්දොලත්මක ප්‍රශ්නයක් දක්වා මෙය ඔඩු දිව්වද ජනාධිපතිවරයා තම තීරණය වෙනස් නොකිරීමට තරම් එඩිතර නායකයෙක් විය. එය තම බලයට කොතරම් අවාසිදායක වුවද ජනාධිපතිවරයා හරි තීරණ වෙනුවෙන් කෙළින් සිට ගත්තේය.

වසංගතය සමග එක දිගට මෙරට ආර්ථික කඩා වැටීම් වලට ලක් විය. විශේෂයෙන්ම රටේ ප්‍රධාන ආදායම් මූලය බඳු සංචාරක ව්‍යාපාරයට මරු පහරක් විය. එහෙත් මේ සියල්ල මත නැගිටීමට අවශ්‍ය නිසා කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට අවශ්‍ය සියලු පියවරයන් පසුගිය කාලය පුරා ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කරමින් සිටි. එහි ප්‍රතිපල ලෙස පසුගිය අවුරුදු වල සිට ශ්‍රීලංකාව සමග ගුවන් ගමන් නවතා තිබු රටවල් නැවතත් ලංකාව සමග අත්වැල් බැද ගැනීමට සමත් විය.

මේ සියලු කාරණා ඔබේ වර්ණ කණ්නාඩි පසෙක තබා බුද්ධිමත් පුරවැසියන් ලෙස බලන ලෙස අප නැවතත් ඔබට කියා සිටිමු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් ජනතා පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි වූ බව අප දනිමු. එයට සාධාරණ බොහෝ හේතු ඇති බව මේ කෙටි සටහන තුළින් යම් තරමකින් හෝ ඔබට ගම්‍ය වනු ඇතැයි සිතමි. එහෙත් තවත් වසර තුනක කාලයක් ජනපතිවරයා සතු බව මතක් කරන්නෙමු. ඉතිහාසයේ සිට මෙරට පාලනය කළ නායකයන්ගෙන් අභියෝගාත්මකම කාලයක රට බාරගත් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බව ඔබ අවිවාදයකින් පිළිගනු ඇත. මෙම අභියෝගාත්මක කාලයේ බලයට කෙල හළන විපක්ෂය අද දිනද ආණ්ඩුවට විරුද්ධව කොළඹ සුවිශාල විරෝධතාවක් දියත් කර තිබිණි. කොවිඩ් තත්වය නිසා සිදුවිය හැකි හානිය ගැන හෝ අබ මල් රේණුවක තරම්වත් ඔවුන් කල්පනාකර තිබුණේ නැත. ''අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම විනාශ වී යයි '' වරෙක නෙල්සන් මැන්ඩෙලා ප්‍රකාශ කර ඇත. එය බලය පිළිබදව සිහින දකින විපක්ෂයට වඩාත් උචිත බව දැන් දැන් පෙනී යයි.

ලැම්බෝගිනි, රත්තරන් අශ්වයින්, ඩුබායි මැරියට් හෝටලය වැනි බොරු බේගල් දෙසාබාමින් 2015 දී ජනතා මතය කොල්ල කෑ පිරිස නැවත මාන බලන්නේ තවත් පතරංග බොරු තොගයක් සමාජගත කරමින් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයන් ගොඩ නඟා සමාජ මාධ්‍ය ප්‍රහාරයකින් හෝ බලය ඇල්ලීමට බව පැහැදිලිය. මන්ද ඇත්ත මහපොළවේ මේ බොරුකාරයන්ට විහිළුකාරයන්ට ප්‍රසාදයක් නැති නිසාය.

-පංචාලි

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us