විපක්සයට අස්ස කුලප්පුකාරයෙක් ඕනෑකර තිබේ.. Featured

Saturday, 30 October 2021 12:44

"අපි රේස් එකට දාන්නේ හොඳට දුවන්න පුළුවන් ජවසම්පන්න අශ්වයෙක්. අපිට ඕනේ දිනන්න මිසක් පරදින්න නෙමෙයි. මහින්ද මහත්තයාගේ ආශිර්වාදයෙන් අපට හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. කකුල් කැඩුණු අශ්වයෝ දාගෙන ජනාධිපතිවරණ රේස් එක දුවන්න අපට අවශ්‍ය නැහැ...."

මෙන්න මෙහෙම කතාවක් අපිට අහන්න ලැබුණේ පසුගිය 2019 ජනාධිපතිවරණයට කලින් පොහොට්ටු පාර්ශ්වයෙන්. ඒ කිවව් වගේම ජව සම්පන්න අශ්වයෙක් දාලා පොහොට්ටුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ලොකු ලීඩ් එකක් තියලා. ප්‍රධාන ප්‍රතිවාදියා වෙච්ච සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද ලක්ෂ 14 ක් විතර ඉස්සරහෙන් ගෝඨාභය රාජපක්ෂ හිටියා. සෙල්ලම් නෑ. එහෙම් ලීඩ් එකක් තියලා කප් එක ගත්ත තරගයක්, 94 චන්ද්‍රිකා කප් එක ගත්තාට පස්සේ මේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තිබුණේ නෑ. අනික මේ එසේ මෙසේ ජයග්‍රහණයක් නොවෙයි. මේක කිළුටු, පුළුටු ගඳ ගහන, එහෙන් මෙහෙන් කෑලි බෑලි එකතු කරගත්ත කලවං අච්චාරුවකුත් නොවෙයි. ටොප් ක්ලාස් පියෝ වින් එකක්.

ඒ කොහොම උනත් අවුරුදු 5 කට බලය ලැබිලා තිබුණට ඒකෙන් 2 ක් ගෙවෙන්නත් ඉස්සෙල්ලා අයෙත් පරණ අශ්වයෝ ටික තැන් තැන් වල ඉඳන් ඊළඟ රේස් එකට ලැහැස්ති වෙනවා පේනවා. වැඩේ කියන්නේ කලින් රේස් එක පැදලා කුජිත විදිහට පැරැදිච්ච අස්සයෝ ටිකම ඊළඟ රේස් එකට සෙට් වෙන්න හදන එක. කලින් රේස් එකටත් මේ සෙට් එක ආවේ නම් ලොකු ලොකු නරිවාදම් ගහගෙන, ඒ උනාට සෙට් එකම කොර ගගහා. නොන්ඩි ගහමින් තමයි රේස් එකට එන්ටර් උනේම. මෙයාලට ජව සම්පන්න අස්සයෙක් එක්ක දුවන්න තරම් පුළුවන් කමක් නැති බව රේස් එකට කලින්ම ක්ලියර් උනත් උන්ට නොදුවා ඉන්න බැරිකමක් තිබුණා. ඒ මොකවත් නිසා නෙවෙයි. උන් උන් අතර තිබ්බ කුලල් කා ගැනිල්ල නිසා. එකෙක් අනෙක් එකෙක්ට පරදින්න කැමැති උනේ නෑ. මේ නිසා උන්ට රේස් එක දිනලා කප් එක ගන්න හිතන්නවත් පුළුවන් කමක් තිබුණෙ නෑ. උන් උන්ගේ පැවැත්ම වෙනුවෙන් කොහොම හරි රේස් එකේ එල්ලිලා ඉන්න එක තමයි කළේ. ජනාධිපතිවරණයෙන් පස්සේ මේ අයට වෙච්ච වැඩෙන් මේ කුලල් කා ගැනීමේ තරම හෙළි උනා. කට්ටිය සී සී කඩ උනා විතරක් නොවෙයි අන්තිමට කොර ගගහා හිටපු උන් කකුල් හතරම කඩාගෙන යන එනමං නැතිව නන්නත්තාර උනා.

ඉතිං දැන් තත්වෙ මෙහෙමයි. කටේ නරිවාදම් වල අඩුවක් නැති උනාට මේ කකුල් කැඩිච්ච අස්සයෝ ටික අයෙත් රේස් එක දුවන්න ලැහැස්ති වෙන්නෙ පරණ විදිහටම තමයි. කෑලි කැඩිලා තැන් තැන් වල වැටුණ විදිහට ආයෙත් කට්ටිය වෙන වෙනම දුවන්නයි ලැහැස්තිය. එකෙක් එකෙකුට නැති විදිහට මාරාන්තික වෙලා ඉන්න මේ හැම එකාම හිතන් ඉන්නේ තමුන්ට තනියෙම දිනන්න පුළුවන් කියලා. මේවා පට්ට ජෝක්. වෙලාවකට දුක හිතෙනවා මුන් මෝඩ අසරණයන් කියලා හිතුවාම. ඒත් මේ එහෙම මෝඩ අසරණයන් නොවෙයි, අමු තක්කඩි. රටක් ගැන ජනතාවක් ගැන තියෙන ප්‍රශ්න නොවෙයි මෙයාලට තියෙන්නේ.. කොහොම හරි තමන්, තමන්ගේ නායකත්වය..තමන්ගේ කල්ලිය.. පවතින්න ඕන.. තමන්ට කොහොම හරි බලය ගන්න ඕන.. ඒ වෙනුවෙන් රටට හෙණ ගහලා ගියත්, ඕන යකෙක් එක්ක, ඕන හවුලක් එකතුවක් ගහගන්න ඕන වෙලාවක ලැහැස්තියි. මෙහෙම අවස්ථාවාදී, බඩගෝස්තරවාදී කල්ලි විදිහට තමා මේ ගමනත් මේ කකුල් කැඩිච්ච අස්සයෝ ටික රේස් එකට එන්න හදන්නේ.

ඊ ළඟ රේස් එකේ කප් එක ගහගන්න පුලුවන් කියල හිතාගෙන මේ වෙන කොට සජිත්, චම්පික, අනුර, රනිල්, සිරිසේන, ෆොන්සේකා, කරූ .. දැනටම වැඩේට බැහැල ඉන්නේ.. හැබැයි අර කිව්ව වගේ තනි තනිව.. එකෙක් එකෙකුට නෑ. මේ හැමෝම තමන්ගේ ගෝල බාලයෝ හෙන්චයියෝ එක්ක මේ වෙන කොට තමන්ගෙ කල්ලිවලට කට්ටිය එකතු කරනවා. එහෙන් මෙහෙන් එක එකා අදිනවා. අනාගත රස්සාවල්, තනතුරු, වරප්‍රසාද.. දිගින් දිගටම පොරොන්දු වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍ය වල වැඩ කරන කට්ටියව බෙදාගන්න මේ දවස් වල තරගයක්. එහෙම කරන ගමන් තමට බාධාවක් වෙයි කියල හිතන තමන්ගේම පැත්තේ අනෙක් තරග කාරයන්ට මඩ අවලාද ගහන වැඩෙත් ජයටම වෙනවා. තමන්ගෙම කල්ලිය ඇතුළෙත් කුලල් කා ගන්න මෙයාලට අනිත් එකා එක්ක කුලල්කාගෙන එකාව විනාශ කරලා දාන්න හිතන එකත් වැඩක් නෙවෙයි. මේක තනිකර පිස්සු බල්ලන්ගේ බලු පොරයක් වගේ.. මොකා විනාස වෙලා මොකා ඉතුරු වෙයිද කියන්න බැහැ.

මොක උනත් කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නෙ නම් අර කකුල් කැඩිච්ච, කූජිත වෙච්ච අස්සයෝ ටිකම තමා... ඒ නිසා 2024 ජනාධිපතිවරණය කියන්නේ තවත් විහිළුවක් විතරයි. කකුල් කැඩිලා බඩගාන සයිස් එකට වැටිල ඉන්න පරණ අස්සොයෝ සෙට් එකම ගොඨාභය රාජපක්ෂ කියන ජව සම්පන්න අස්සයා එක්ක ‍රේස් දුවන්න හදනවා කියන එකම විකාරයක් නෙවෙයිද ?

හැබැයි ඉතින් මේ කකුල් කැඩිච්ච අස්සයෝ සමඟි උනා කියලත් කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නම් නෑ. කෙලින් කටින් හිටවලා තියන්න බෑ.. කට්ටියම එකට වැටෙන එක වෙන්නේ..හැබැයි රටට විහිළු සපයන එක වෙයි. මොකද මෙතන ඉන්න තරමක් ඉන්නේ ජෝකර්ලායි සහ කටමැත දොඩවන උන්මන්තකයන්.. පුළුවන්නම් අලුත් අස්සයෙක් හොයා ගන්න ඕන. ගොඩක් ජව සම්පන්න..,හොඳ මොළයක්.., කොන්ද පණ තියෙන.., එකෙක්... ඒත් මේ කකුල් කැඩිච්ච අස්සයන්ගේ සපෝර්ට් එක අරගෙන මොකාද එහෙම දුවන්න එන්නේ..? තවත් පිස්සු අස්ස කුලප්පුවක් තියෙන ජෝකරයෙක් මිසක්..

- the novemberist

Last modified on Saturday, 30 October 2021 13:02

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us