සහල් මා‍ෆියාව මට්‍ටු වෙයිද? Featured

Thursday, 09 September 2021 12:09

මෙරට වෙළඳපොළ තුළ ව්‍යාජ සහල් හිඟයක් මවා පා සහල් මිළ වැඩි කිරීම සිදුවීම අද ඊයෙක සිදුවූවක් නොව මෑත ඉතිහාසය පුරාම දකින්නට ලැබුණකි.

සහල් පාරිභෝගිකයා මේ නිසාම විශාල පීඩාවකට පත් වීමත් හැමදාම සිදු වූ නමුත් මේ ගැටළුවට ස්ථිර සාර විසඳුමක් මේතාක් කාලයකට රාජ්‍ය පාලනයට හවුල් වූ කිසිවකුගෙන් ලැබුණේද නැත. විටින් විට කරන තාවකාලික විසඳුම් වලින් එතරම් පළක් වූයේද නැත. රජය විසින් වී මිළදී ගැනීම සහ එම වී, සහල් කර වෙළඳපොළට මුදා හැරීම පවතින තත්වයට ඇති එකම විසඳුම සේ පිළිගත හැකි නමුත් රජය විසින් එම කාර්යභාරය මීට බොහෝ කලකට පෙර අත් හරිනු ලැබීය. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කර රජයේ වී ගබඩා විකුණා දමමින් රජය එම කාර්යයෙන් ඉවත් වීම මේ සහල් මිල ප්‍රශ්නයට සෘජුවම බලපෑම සිදුවූ බව පැහැදිලි තත්වයකි. එහෙත් මූලධර්මයක් ලෙස නිර්බාධී නැත්නම් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් පිළිගන්නා රටක රජය විසින් වෙළඳපොළ හැසිරවීමට නොයෑමේ ආර්ථිකමය ආකෘතිය පසුගිය කාලයේ බොහෝ විටම පටලවාගෙන තිබිණි. නිර්බාධී වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ කිසිදු රාජ්‍ය නියාමනයකින් තොරව වෙළඳපොළට අයාලේ යෑමට ඉඩදීම නොවේ.

රජය වෙළඳපොළ නිදහස් කළද පුරවැසියා වෙත සාධාරණ යුක්ති සහගත ලෙස පාරිභෝගික භාණ්ඩ අත්පත් කරගැනීමට තිබෙන අවස්ථා මඟ හැරීම ද පසුගිය කාලයේ සියලු ආණ්ඩු වෙතින් සිදු වූ වරදකි. පාරිභෝගිකයාට පීඩනයක් එල්ල නොවන ලෙසත් නිශ්පාදකයාට හෝ ව්‍යාපාරික ප්‍රජාවට අගතියක් නොවෙන ලෙස වෙළඳපොළ නියාමනය කිරීමෙහි අයිතිය රජයට තිබේ. මේ අයිතිය පාවිච්චි කිරීම රජයයන් විසින් පැහැර හරුණු විට වෙළඳපොළ අයාලෙ යයි. වෙළඳ මාෆියාව රජ වෙයි. අද වෙන විට සිදුව ඇත්තේ එයය. වෙළඳපොළ නියාමනය කිරීමට කොතෙකුත් නීති රීති අනපනත් ක්‍රමවේදන් තිබුණද ඒවා නියමාකාරයෙන් යොදා ගැනුනේ නැත.

මෙයට හේතුව් රජයක හෝ ආණ්ඩුවක ප්‍රතිපත්ති, කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුවකට වඩා විවිධ ව්‍යාපාරික සහ දේශපාලනික පාර්ශ්වව ආණ්ඩුවක පැවැත්ම තීරණය කරන තැනට පත් වීමය. මේ දිනවල නම් කියවෙන සීනි සහ සහල් ව්‍යපාරිකයන් බහුතරය වත්මන් ආණ්ඩුව පත් කිරීමට මෙන්ම එය පවත්වාගෙන යෑමට සෘජුවවත් වක්‍රවත් බලපෑමක් සිදු කරමින් සිටින්නන්ය. එවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් ආණ්ඩුවකට කටයුතු කරන්න සිදු වන්නෙ ඔවුන්ගේ වාසියටය. අද රටෙ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයන් තුන් හතර දෙනා සලකා බැලුවොත් ඇතැමෙකු කෙලින්ම ආණ්ඩුවේම ඇමැති වරුය. නැතිනම් ආණ්ඩු ප්‍රබලයන්ගේ ඥාතීන්ය, ගජ මිතුරන්ය. මේ නිසා රජය සහල් මිල පාලනය වෙනුවෙන් ගන්නා පියවරයන්ද ව්‍යාජ සංදර්ශන බව රටේ බහුතරයක් විශ්වාස කරන තැනක සිටී.

එහෙත් ඒ ඉතිහාසය් අද වෙනස් වී ඇත. මේ ආණ්ඩුවේ හිතමිතුරගේ ද සීනි, සහල් ගබඩා වටලමින් එම තොග අත්පත් කරගනිමින් ඒවා පාලන මිළට වෙළඳපොළට නිකුත් කරමින් තිබේ. මෙය මෙරට මෑත ඉතිහාසයේ නොදු‍ටු තත්වයකි. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ තමන් සතුව තිබෙන විධායක බලතල උපයෝගී කරගෙන තමන්ට දේශපාලනිකව අවාසි විය හැකි නමුත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් සෘජුව කටයුතු කරමින් සිටින බව පෙන්වමින් තිබේ. මේ රටේ පුරවැසියාගේ පැත්තෙන් බැලූ විට මෙය ඉතාම හොඳ තත්වයකි. මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයකු පත්කර අවශ්‍ය බලතල ලබා දී කඩිනමින් සිදු කෙරෙන වැඩ පිළිවෙල පාරිභෝගික ජනතාවට ලැබුණු මහත් අස්වැසිල්ලක් වෙනු ඇත.

කොහොම නමුත් මේ ක්‍රියාමාර්ග ගැන විවේචයන්ද මේ වන විට ඉදිරි පත්ව තිබේ. මෙම කූට ව්‍යාපාරිකයන් රැක ගැනීම වෙනුවෙන් නොයෙක් බලවේග පෙනී සිටිමින්ද තිබේ. ජනධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග විශ්ලේෂණය කරමින් එහි ඇති අහිතකර පළ විපාක ගැනද සමහරු කතා කරමින් තිබේ. ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙමගින් දේශීය ව්‍යාපාරිකයා අධෛර්යමත් කරමින්, අකර්මන්‍ය කරමින් දේශීය ව්‍යාපාරයන් විනාශ කිරීමක් සිදු වන බවය. එසේම ගබඩා වටලමින් භාණ්ඩ තොග අත්පත් කර ගැනීම හරහා මාස දෙක තුනක් ඇතුළද දැවැන්ත භාණ්ඩ හිඟයකට මුහුණ පෑමට සිදුවෙනු ඇති බවත් සමහරු අනතුරු හඟවා තිබේ. මේ විවේචන තුළ යම් යම් සාධාරණ තත්වයන්ද තිබිය හැකි නමුත් මේ මොහොතේ අත්‍යවශ්‍යම රාජකාරිය වන්නේ පුරවැසි ජනතාවගේ සුබ සිද්ධියය. විශේෂයෙන්ම අධි ආදායම් නොලබන සාමාන්‍ය ජනතාවය. කොරොනා වසංගත තත්වය හමුවේ සියලු රට වැසියා විශාල පීඩාවකට පත්ව සිටින මොහොතක වගකිවයුතු පාලකයාගේ කාර්යභාරය විය යුත්තේ මේ ජනතාව අනවශ්‍ය අසාධාරණ පිඩාවන්ගෙන් නිදහස් කරමින් මේ වසංගත තත්වයට මුහුණ දීමට සූදානම් කරවීමය, පුරවැසියාට ශක්තියක් වීමය. එසේම රට සමස්ථයක් වශයෙන් යම් ආර්ථිකමය අර්බූදයක් කරා ඇදෙමින් පවතින විට ඊට තව තවත් රුකුල් දෙමින් අර්බූදයන් උග්‍ර කිරීමට කැස කවන වෙළඳපොළ මාෆියාවේ කූට උපක්‍රමද පරාජය කිරීමද විය යුතුය, කොරෝනාව ගරානාවක් කරගෙන සිටින වෙළඳපොළ මා‍ෆියා බලවේග සියල්ල මර්දනය කළ යුතුය. අද ජනාධිපතිවරයා ජනතාවට වගකියන රාජ්‍ය පාලකයකු ලෙස සිදු කරමින් සිටින්නේ ඒ වගකීමය.

මෙහිදී සීනි සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හරහා පාරිභෝගිකයා පීඩාවට පත් කරමින් මේ මොහොතේ සිදු කෙරෙන වෙළඳපොළ මා‍ෆියාව පරාජය කිරීමට පුරවැසියන් ලෙස අපගේ සියලු දායකත්වයන් රජයට සපයා දීමද විය යුතුය. රටක් ගොඩනගන්නනම් පාලකයා සහ පාලිතයා යන දෙකොට්ඨාෂයේම නොමසුරු දායකතය ඇවැසිය. එය පාලකයාට පමණක් සිදු කළ හැක්ක නොවේ. සරළම උදාහරණය මේ කොරොනා වසංගතයයි. එය පාලනයට පාලකයාට සිදු කළ හැකි උපරීම කාර්යභාරය සිදු කළත් පුරවැසියා ඊට සහයක් නොදෙන්නෙ නම් ඒ කිසිසේත්ම වැලැක්විය නොහැකි බව මේ රටම උදාහරණයකි. පුරවැසි වගකීම අප අවබෝධ කර නොගන්නේ නම් මේ රටට කිසි දිනෙක වගතුවක් වන්නෙ නැත. මේ රට කාලකණ්ණි රටක්ය මෙහි තව දුරටත් සිටීමෙන් වැඩක් නැතය කියමින් රට අත්හැර යායුතුය ආදි කියමින් සිටින උගතුන් යැයි කියන පිරිස් මෙන්ම නූගතුන්ද, තමන්ගේ බඩගෝස්තරයට අමතර වාසියක් නැති නිසා අනෙකාටත් එය නැතිවිය යුතුබව සිතන්නන් ආදීන්ද, පාලකයන් විසින් රට වෙනුවෙන් ගන්නා නිවැරදිම පියවරයන්ට පවා බාධාකරමින් ඒ කඩාකප්පල් කිරීමට කැස කවන දුෂ්ඨ දේශපාලනික හා ව්‍යාපාරික පාර්ශ්ව විසින් ද මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ රට වළටම තල්ලු කිරීම විනා වෙන කිසිවක් නොවේ.

මේක අපේ රට. කවර බාධා තාඩන පීඩන අසරණකම් තිබුණද අපේ රට ‍රැක ගැනීම අප විසින් කළ යුතුය. විටින් විට අප විසින්ම ‍තෝරා පත් කරගන්නා ලද පාලකයන් වෙතින් කවර අඩුපාඩු සිදු වූවද ඒවා නිවැරදි කරගනිමින්, රට හරි මඟට ගනිමින්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන්ම මෙරට පුරවැසියා පෙනී සිටින තරමට රට දියුණු සංවර්ධිත රාජ්‍යයක් වෙනු ඇත.

අද පාලක පක්ෂය ගන්න නිවැරදී තීන්දු තීරණ වෙනුවෙන් අප පෙනී සිටිය යුත්තේ අපගේ බඩට වැටෙන ගෝස්තරයේ ප්‍රමාණයට නොව සමස්ත රට ගැන සිතාය. ඒ පරාර්ථකාමිත්වය අත්‍යාවශ්‍යය. සීනි සහල් වැනි මා‍ෆියාවන්ගෙන් රට බේරා ගැනීමට සිදුවන්නේ ඒ අවශ්‍ය සහයොගය අපෙන් රජයට ලැබේ නම් පමණි. ජනාධිපතිවරයා මේ වෙළඳපොළ මා‍ෆියාව මර්දනය කිරීම වෙනුවෙන් ගත් පියවර අපි අගය කළ යුතු වන්නේ ඊට සහය දියයුතු වන්නේ එබැවිනි. කොටින්ම මේ වෙළඳපොළ මා‍ෆියාව මට්‍ටු කිරීම වෙනුවෙන් වැඩිම ශක්තියක් ලබා දිය හැක්කේ පාරිභෝගික අපිටමය.

- tha novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us