වතු කම්කරු අවම වැ‍ටුප දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ  

Wednesday, 10 March 2021 17:28

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම වැටුප් වැඩිවීම පැවැති ගැසට් නිවේදනය අනුව දෙගුණයකට වඩා වැඩි වීමකි.

මෙරට වතු ආශ්‍රිත කම්කරු වැඩ සඳහා මෙරටට ඉන්දියාවේ සිට ගෙන එන ලද වතු කම්කරු ප්‍රජාව මෙරට සිටින දුගීම ජන කොටස ලෙස විශාල පීඩාවකට ලක්වෙමින් තිබිණි. සියවස් එකාමාරක පමණ කාලයක් මුලුන්නේ පරම්පරා ගනනාවක් මේ රට වෙනුවෙන් විදේශ විනිමය උපයමින් දුෂ්කර සේවයක යෙදී සිටියද ඔවුන්ට හිමි වියයුතු අයිතිවාසිකම් කප්පදු කිරීම දිගෛන් දිගටම සිදුව තිබිණි. මෙරට පුරවැසිභාවය ලබාගැනීමත් දීර්ගකාලීන අරගලයකින් අත්පත් කරගැනීමට සිදුවූ අතර මෑතකාලීනව ඔවුන් මුහුණ දුන් ගැටලුව වූයේ ඔවුන්ට ලබාදෙන වැ‍ටුප රටේ සාමාන්‍යයෙන් කම්කරු ප්‍රජාවට ලබාදෙන වැ‍ටුපට වඩා විශාල ලෙස පහළ අඩියක තිබීමය.

වැ‍ටුප යම් පමණකින් හෝ ඉහළ දමාගැනීම වෙනුවෙන් එම ජනතාවට දිගින් දිගටම අරගල කරන්නට සිදු විය. නමුත් මේ ඉල්ලීම දේශපාලන බලය වෙනුවෙන් තොරොම්බල් කිරීම නිතරම දකින්නට ලැබුණා විනා විසඳුම් ලැබුණේ නැත. වතු හම්පුතුන් විසින් සෑම විටම වැ‍ටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කිරීම සිදුවිය. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණ යුගයේදී මේ වතු කම්කරු වැ‍ටුප් අරගලයට උණුසුම්ව තිබිණි. ඒ අනුව සෑම පක්ෂයකින්ම පාහේ වැ‍ටුප් ඉහළ දමන බවට පොරොන්දු දෙන තැනට පත් විය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද තම මැතිවරණ පොරොන්දුවක් ලෙස වතු කම්කරු වැ‍ටුප ඉහළ දැමීමට පොරොන්දු විය. ඒ අනුව අවශ්‍ය පියවර ගත් නමුදු වතු ආම්පුතුන්ගේ සුපුරුදු විරෝධය ඊට හරස් වී තිබිණි. කෙසේ නමුත් වගකිය යුතු පාර්ශ්ව සමඟ දිගින් දිගටම වූ සාකච්ඡා අවසන, වැ‍ටුප් වැඩි කිරීමේ ඉල්ලීම ජයග්‍රහණය කරවන්නට ආණ්ඩුව සමත් වී තිබේ. ඒ අනුව අවම දෛනික වැටුප ලෙස රුපියල් 1000.00 ක අවමයක් දැන් වතුකම්කරුවන්ට මෙම මාසයේ සිට ලැබෙනු ඇත.

මෙහිදී රු.1000 ක් යන්නත් රටේ අනෙක් කම්කරුවන් ලබන වැ‍ටුප හා සන්සන්දනය කිරීමේදී අවම බව පෙනෙන්ට තිබුණත් මෙහිදි පෙන්වා දිය යුත්තේ අවසන්වරට සංශෝධනය කර නියම කරන ලද වැ‍ටුප වන රු 405 වැ‍ටුපට අනුව මෙය දෙගුණයකට වඩා එනම් සියයට 150 ක පමණ වැ‍ටුප් වැඩි කිරීමක් බවය. අවසන් වරට එම වැ‍ටුප් වැඩි කිරීම සිදු කර තිබුණේද මහින්ද රාජපක්ෂ යුගයේදීය එන්නම් 2014 වසරේදීය.

ඒ අනුව පැහැදිලි වෙන අනෙක් කාරනාව නම් යහපාලකයෝ බලය ලබාගැනීමේදී මේ කම්කරු ප්‍රජාවට වැ‍ටුප් වැඩි කර දෙන බවට ලබා දී තිබු පොරොන්දුව් ඉටු කිරීම්ට සමත්ව නොතිබුණු බවය.

tea 4

Last modified on Thursday, 11 March 2021 09:13

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us