හැඩිගල්ලේ - කහකඩ ප්‍රේතකතා වස්තුවේ තවත් පිටුවක් Featured

Monday, 08 March 2021 13:39

ලංකාවේ දේශපාලනය අතිශය ඛේදනීය තත්වයකට පත්කිරීම උදෙසා වැඩි දායකත්වයක් සැපයූ පිරිස ලෙස කහකඩ දේශපාලන පාතාල කල්ලි හැඳින්විය හැකිය. කොයි ආණ්ඩුවක් බලයේ සිටියද එම ආණ්ඩුවේ පැවැත්මට බාධාකාරීවත් ආණ්ඩුව පෙරළා දැමීමටත් මේ කහකඩ පාතාලයට හැකියාව තිබේ.

බුද්ධ චීවරයට මුවා වී මහ සංඝරත්නයට මුවා වී තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් සුඛවිහරණය වෙනුවෙන් මේ කෂඩ කහකඩ කල්ලි හැමදාමත් ක්‍රියාත්මක වී තිබේ.

නිදහසෙන් පසු යුගයේදී අතිශය භීෂණකාරී ප්‍රවණතාවයක් ලෙස මේ කහකඩ කල්ලිවල වර්ධනය සිදුව තිබේ. මේ වර්ධනයට මේ රටේ දේශපාලන පක්ෂ නායකයනුත් වගකිව යුතුය. මේ අවස්ථාවාදී කල්ලි මුල් අවස්ථාවේම මර්දනයකර පැත්තකට දමනවා වෙනුවට ජාති ආගමික බේද උත්සන්නකර ප‍ටු දේශපාලන වාසි තකා කහකඩ කල්ලිවලට එක එක කොන්ත්‍රාත් බාරදීමට මෙරට දේශපාලකයන් දෙවරක් කල්පනා කරන්නේ නැතිවීම අදටත් ගැටළුකි. 1956 දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක බලයට පැමිණීම වෙනුවෙන් මේ කහකඩ කල්ලිවලට පැවැරූ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉ‍ටුකළ නමුත් අවසානයේදී මේ කහකඩයන් පාලනය කරගැනීමට ඔහු සමත් වූයේ නැත. ඒ අනුව එම ආණ්ඩුව බරපතල අර්බුධ ගනනාවකට මුහුණ දී අවසානයේ බණ්ඩාරනායකව ඝාතනය කිරීම දක්වා ඒ බලවත් විය. කහකඩයකු වෙතින්ම ඒ සිදුවීම සුවිශේෂී තත්වයකි.

මේ සිදුවීමෙන් පසු මේ කහකඩ කල්ලිවල ශක්තිය හැකියාව ගැන දේශපාලකයා බිය වූවාට සැක නැත. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කෂඩ කහකඩ පාතාලකාරයෝ හැම ආණ්ඩුවකම හැම පාලකයෙකුම තමන්ට ඕනෑ ඕනෑ විදිහට නටවන තැනට පත්විය. වර්තමානය වන විටත් එම තත්වයන් අප දකිමින් තිබේ.

ජාතිය ආගම මත පදනම්ව දේශපාලනය කරන්න ගිය විට මේ කහකඩ කල්ලිවල සහය ලබා ගැනීම අනිවාර්යවීමත් ඔවුන්ව පෝෂණය කිරීමට සිදුවීමත් වී තිබේ. වත්මන් ආණ්ඩුවට වුව ඒ මඟහැර යන්නට නොහැකි තැනට පත්ව ඇත. මතකයක් තිබේ නම් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මේ රටේ ජනතාව තීන්දු කළෙත් මේ කහකඩ ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් නිසා බව වටහාගත හැකිය.
මහින්ද රාජපක්ෂ පාලනය සිංහල බෞද්ධ නාමයෙන් ජාතිවාදී ආගම්වාදී පාරට තල්ලුකර දැමුවේ මේ පිරිසයි. එම ආණ්ඩුවට තිබූ සුළු ජනතාවගේ ප්‍රසාදය මුළුමනින්ම අහෝසි කරනු ලැබුවේ ඔවුන්ය. මේ රට තුල ජාති ආගමිකයන් අතර වෛරය ගොඩනැගුවේ ඔවුන්ය. 2015 මැතිවරණ ආසන්නයේදී මේ කහකඩ ත්‍රස්ත කල්ලිවල සහය හිමිවන්නේ මහින්ද රාජපක්ෂට බව ප්‍රකාශයට පත්කිරීම තුල මහින්ද රාජපක්ෂට ලැබීමට නියමිත වූ සුළු ජනතා ඡන්ද සියල්ල අහිමිකර ඔහුව පරාජයට පත්කිරීම දැනුවත්ව සිදුකළ කුමන්ත්‍රණයක් වියහැකි බවට තොරතුරු පවා පසුව හෙළිව තිබිණි. චම්පිකලා බලාපොරොත්තු වූ වරදාන වරප්‍රසාද තනතුරු ආදිය නොලැබීම නිසා මහින්ද රාජපක්ෂ සමඟ විරසකව එම ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවන්නේත් ඒ අනුවය.

ඉන් අනතුරුව බිහි වූ යහපාලන යුගයේදී මේ කහකඩ කල්ලි මට්‍ටු කිරීමට ඇතැමුන් උත්සහ ගත්තද ඒ කළ නොහැකි විය. ඒ එදා දේශපාලන නායකත්වයන්ද ඊට බියවී බිලිවීම සහ නැවතවරක් මේ කහකඩ කල්ලිවල සහය ලබාගැනීමට රාජපක්ෂ පාර්ශ්වය කටයුතු කිරීමත් ඔවුන්ව ආරක්ෂා කිරීමටත් ඉදිරිපත්ව සිටීම නිසාය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ද මේ කහකඩ කල්ලිවල සහය ලබාගන්නා ලදී. මේ පියවර නිසා අද ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කරදරේ වැටීසිටින බව දැනටම පෙන්නුම් කර තිබේ. රටේ වෙනත් ප්‍රශ්නවලට මුවා වී කරන ඔවුන්ගේ බඩගෝස්තරවාදී ඉල්ලීම් දිගින් දිගටම ඉදිරිපත් වෙමින් තිබේ. ඒවා ප්‍රමාද වන විට පාලකයාගේ අම්ම මුත්තා මතක් කරමින් ප්‍රසිද්ධියේ බැන වදින තරමට මේ කහකඩ කල්ලි ශක්තිමත්ව තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව මේ කහකඩ කල්ලිවලට යටවුවහොත් ඔවුන්ටද තව වැඩිකල් මේ ආණ්ඩු කෙරුවාව කරන්නට නොහැකිවනවා ඇත.

මේ අතර මේ කහකඩයන්ගේ විනාශකාරී මෙහෙයුම් ගැන ඉතිහාසයමය අත්දැකීම බහුලව තිබුණත් වත්මන් විපක්ෂයද යළිත් වතාවක් මේ කල්ලිවල සහය ලබාගනිමින් ඔවුන් ලවා ආණ්ඩු විරෝධයක් මතු කරගැනීමට දඟලමින් තිබේ.

මෙම නරුම සෙල්ලමෙහි චිර ප්‍රසිද්ධ ගේම්කාරයකු වන පාටලී චම්පිකගේ කොන්ත්‍රාත්තුවක් මත පසුගියදා හැඩිගල්ලේ විමලසාර නම් කහකඩ පාතාල කල්ලි නායකයකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුවට එරෙහිව පට්ටපල් බොරු බේගල් තොගයක් විසුරුවා හරින ලදී. ලස්සනම කතන්දරය කියන්නේ පසුගිය රාජපක්ෂ පාලන අවධියේදී චම්පිකලාගේ රාජිතලාගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් වූ අලුත්ගම දර්ගා ටවුන් මුස්ලිම් විරෝධී ප්‍රහාරය සැලසුම්කර එහි මූලික වැඩකටයුතු රැසක් සිදුකළ එක් අයෙකු වූයේ මේ හැඩිගල්ලේ නම් කහකඩයාය. එදා රාජපක්ෂ පාලනය වර්වාදී ගෝත්‍රවාදී අන්තයකට තල්ලුකර දැමීම වෙනුවෙන් මුස්ලිම්/ දෙමළ විරෝධයක් අවුළුවමින් වේදිකා උඩ කෑ මොර දුන් හැඩිගල්ලෙලා අද ඒකෙම අනිත් පැත්ත දොඩවමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන් රාජපක්ෂලා වන බවත් ඔවුන් දඩුවම් කරන්නැයි කියා සිටීම මොන විහිළුවක් ද? ඒත් මේ පාස්කු ප්‍රහාරයට සත්‍යවශයෙන් වගකිවයුත්තේ මේ පාතාලයන්ය. ඒ සිදුවෙන තැනට පරිසරය හැදුවේ මේ කහකඩයන්ය. සුළු ජන කොටස් අන්තවාදය ත්‍රස්තවාදය වෙත ආකර්ෂණය කිරීමට සාධාරණ හේතු හදා දුන්නේ මේ කහකඩයන්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ බවට පසුගියදා මැත දෙඩවූ සජබයේ මන්ත්‍රීගේ කතාව අල්ලාගෙන එයට තවත් අඩුම කුඩුම එකතුකර ගනිමින් හැඩිගල්ලේ විමලසාර කහකඩයා මේ නගන චෝදනා පැහැදිලිවම චම්පිකලාගේ වුවමණාව අනුව සිදුවන්නකි. මේ වන විටත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සිදුකර, නීතිමය කටයුතු ඇරැඹී තිබියදී නැවත නැවත පදනම් විරහිත කරුණු, පට්ටපල් බොරු සමාජගත කරමින් ජාතීන් ආගමිකයන් අතර වෛරය අවුළුවමින් මේ අය කරන මේ විනාශය දැන්වත් වැලැක්විය යුතුය. බුද්ධ චීවරයට මේ රටේ ජනතාව දක්වන ගෞරවයට භක්තියට මුවා වී මේ බුද්ධ චීවරයට ඇති පූජනීය බව කෙළසමින් එය පාතාල ත්‍රස්ත කල්ලියක නිල ඇඳුම බවට පත්කරගෙන තිබෙන මේ කහකඩ තක්කඩියන් මේ කරමින් තිබෙන විනාශය වැලැක්වීම මේ රටේ ජනතාව සතු කාර්භාරයක් වගකීමක් විය යුතුය. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාවගේ වගකීමකි. මේ කහකඩයන් කරමින් සිටින්නේ උතුම් වූ බුදුදහමටත් සංඝරත්නයටත් අපහාස කරමින්, නින්දා කරමින්, එය කෙළසා විනාශ කිරීමය. එය අන්තවාදී ත්‍රස්තවාදී ආගමික ධර්මයක් බවට පත්කිරීමය. මේ පාතාල කල්ලිවලින් මෙන්ම ඒවාට දිරිදෙන චම්පිකලා වැනි මජර ගෝත්‍රික දේශපාලකයන්ගෙන්ද මේ රට වහා නිදහස්කර ගතයුත්තේ ඒ නිසාය.

-the novemberist

Last modified on Monday, 08 March 2021 14:40

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us