නිව් යෝර්ක් අගනුවර පැවති උපන්දින සාදය සඳහා ඇය එකතුවී සිටියේ තම පෙම්වතා වන කැස්පර් ස්මාර්ට් සමගිනුයි. මේ සියලු දෙයට වඩා විශේෂත්වය වන්නේ උපන්දින සාදය සඳහා ඇය හැඳ සිටි ඇඳුමයි.
එම විශේෂිත ඇඳුම බොහෝ පිරිසකගේ අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා. කෙටි වෙන්න කපා තිබූ ඇගේ කේශ කලාපය සහ ඇගේ මේ අමුතු ආකාරයේ ඇඳුම වයස කියන්නෙ නිකම්ම් නිකම් ඉලක්කමක් පමණක් බව පෙන්වීමට සමත්ව ඇති බව බොහෝ දෙනා පවසනවා.
ජෙනිෆර් පහුගිය දිනවල රංගනයෙන් දායක වී තිබූ ‘ෂේඩ්ස් ඔෆ්බ්ලූ’ නම්වූ ටෙලි නාට්‍යය ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර ඇමරිකන් අයිඩල් විනිශ්චය කටයුතු සඳහාද ඇය ඉදිරියේදී දායක වීමට නියමිත බව පැවසෙනවා.