ගායකයෙකු වගේම ව්‍යාපාරිකයෙකු , නළුවෙකුද වෙන 50 Cent පසුගියදා ඇමරිකානු අධිකරණය වෙත වාර්තාවක් සපයමින් ප්‍රකාශ කරේ තමන්ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වුවත් තමන්ට ගෙවීමට ඇති ණය ප්‍රමණය ඩොලර් මිලියන 50ක් බවයි.
ඔහු මේ හෙළිදරව්ව කරනු ලැබුවේ ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වීමෙන් අනතුරුව එහි වන්දි ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් අධිකරණයෙන් ගෙවීමට නියම වීමෙන් පසුවයි.
50 Cent ගේ ඇත්ත නම කර්ටිස් ජේම්ස් ජැක්සන් වන අතර 2003 වර්ෂයේ නිකුත් වූ 'Get Rich or Die Tryin' ඇල්බමය නිසා ඔහු ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් විය.
ඒවගේම 2010 වසරේදී ග්රෑමි සම්මානයෙන්ද පිදුම් ලැබූ 50 Cent ගේ අදායම් ලැබෙන ක්‍රම ලෙස පතල් කර්මාන්තය, රෙදිපිළි, මත්පැන් යනාදිය සඳහන් වෙනවා.
කෙසේවෙතත් ඔහුට නැවත ආරථික ස්ථාවර බාවයක් ලබාගැනීම සඳහා ඇමරිකානු අධිකරණය සහන කාලයක් ලබා දී තිබෙනවා.