බොහෝ වෙලාවට මේ ආකාරයට පිහිට පතන්නෙ ලෙස සුව කරලා දෙන්න, තමන්ගේ දරුවන්ගෙ ජීවිත සාර්ථක කරලා දෙන්න වගේ දේවල්වලට. නමුත් දැන් දැන් ඉන්දියාවේ වෙනස් විදියේ කෝවිල් සහ දේවස්ථානත් දකින්න ලැබෙනවා .
මේ කෝවිල්වල දෙවියො පිහිට වෙන්නෙ පිට රටකට යාමට වීසා ලබාගැනීමටයි. පිටරකට ගොස් සුසුදුසු රැකියාවක නිරතවෙමින් සැපවත් ජීවිතයක් ගත කිරීම බොහෝ ඉන්දියානුවන්ගේ සිහිනයක්.
උතුරු ඉන්දියාවේ තල්හාන් ගමේ පිහිටලා තියෙනවා වසර 150ක් පමණ පැරණි කෝවිලක්. බොහෝ සික් ජාතිකයන් රටින් පිටවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මෙහි සරණ පතා පැමිණෙනවා.
ඒ විතරක් නෙමේ ඔවුන් දෙවියන්ට සෙල්ලම් ගුවන් යානා පවා පූජා කරනවා.
තව කෝවිලක් පිහිටා තිබෙනවා තෙලගානා ප්‍රදේශයේ තෙල්කුර් බලාජි කෝවිල නමින්. මේක වෙන්වෙලා තියෙන්නෙ බලාජි දෙවියන්ට.
මෙහි සරණ පත යන බොහෝ දෙනෙක් පරිගණක ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයයි. මේ කෝවිල බොහෝ ප්‍රසිද්ධ වී තිබෙන්නේ පරිගණක ඉංජිනේරුවන්ට ඇමරිකාවට යාමට පිහිට වන කෝවිලක් හැටියටයි.