එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට අන්තර්ජාලය හරහා අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බව තහවුරු වුවහොත් විශාල දඩයක් ගෙවන්න සිදුවෙනවා. මේ නීතිය ක්‍රියාත්මක වන්නේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටයි.
අරාබියේ ක්‍රියාත්මක නව නීතිය අනුව අසභ්‍ය බැණ වැදෙන පුද්ගලයෙකුට එරට මුදලින් ඩිනාර් 250000ක දඩයක් නියම වෙනවා. ඒ විතරක් නෙමේ රටින් පිටුවහල් වෙන්නත් සිදුවෙනවා.
මේ දඩය ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 92ක් පමණ වෙනවා.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් පවසන පරිදි මැද ඇඟිල්ලේ රූපයක් අන්තර්ජාලය හරහා යැවීමත් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
පසුගියදා එරට WhatsApp හරහා අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවට චෝදනා ලද පුද්ගලයෙකුට ඩිනාර් 3000ක මුදලක් ගෙවන්න නියම වී තිබෙනවා. නමුත් ඔහු මේ අලුත් නීතිය නොදැන සිටීමේ හේතුව මත නැවත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.