ඒ අතර අපි නොදන්නා දෙයක් තියෙනවා. මේ සියලු වැඩ කටයුතුවලට අමතරව ඇයට හොඳට නටන්නත් පුළුවන්.
පසුගිය සඳුදා ධවල මන්දිරයේදී පාස්කුව සැමරීම සඳහා පැවැත්වුණු උත්සවයේදී තමයි මිචෙල් ඔබාමාගේ අලුත්ම නැටුම දකින්න ලැබුනෙ.
ඇය මේ නැටුම ඉදිරිපත් කරේ කුඩා දරුවන්ගේ තරබාරු බව නැතිකිරීම සඳහා පවත්වාගෙන යන සමාජ සේවා වැඩසටහනේ ප්රවර්ධන වැඩකටයුතු වෙනුවෙන්. ඇය මීට පෙරත් විවිධ සමාජ සේවා වැඩකටයුතු ප්රවර්ධනය සඳහා තමන්ගෙ රංගන හැකියාව යොදාගෙන තියෙනවා.