ඔහුගේ ප්‍රාර්ථනාව වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම අඹ රස බලනු දැකීමයි.
ඉන්දියාවේ විවිධ අඹ ප්‍රබේද නිපදවීම සහ ඒවා ජනප්‍රිය පුද්ගලයන්ගේ නම්වලින් හැඳින්වීම හාජි කැලිමුල්ලාගේ සිරිතක් බව වාර්තා වේ. මේ හේතුව නිසාම ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලබා තිබේ.
මේ වනවිට අඹ ප්‍රබේද 300ක් පමණ නිපදවා ඇති ඔහු අයිශ්වර්යා සහ සචින් තෙන්ඩුල්කාර්ගේ නමින්ද අඹ ප්‍රබේද හඳුන්වා දී තිබේ.
කැලිමුල්ලා පවසන්නේ මෙම මෝදි අඹ ඉතා හොඳ පැහැයකින් සහ හොඳ රසයකින් යුතු බවයි.