බෝර්නියෝ දූපත් ආශ්‍රිතව ජීවත්වෙන බජාවු ජනතාවත් එහෙම වෙනස් ජන පිරිසක්.මේ විශේෂිත ජන පිරිස කැමරාවට හසු කරගෙන තිබෙන්නේ Réhahn නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා.
බජාවු ජනතාව කිසිම රටකට අයත් වෙන්නෙ නෑ. ඒවගේම ජීවිතකලයම ගත කරන්නෙ මුහුදෙ.
මේ ජනතාවගෙන් බොහෝදෙනෙක් කිසිම දවසක ගොඩබිමක ජීවත් වෙලා නෑ. ගොඩබිම සමඟ සම්බන්ධතා පවත්වන්නෙ තමන්ගෙ ධිවර ආම්පන්න නිර්මාණය කරගැනීමට හා වෙළඳ කටයුතු සඳහා පමණයි.
මේ නිසාම මේ ජනතාව බොහෝ දෙනා හඳුන්වන්නෙ මුහුදු අහිකුන්ඨකයන් එහෙම නැත්තම් sea gipsies යන නමින්.
මේ ජනතාවගේ ජීවිකාව වෙන්නෙ මසුන් ඇල්ලීම, මුතු කැඩීම වැනි දේවල්. මේ හේතුව නිසාම ඔවුන්ගේ ජීවිතේ වැඩි කොටසක් ගතවෙන්නෙ මාළු බෝට්ටු තුලමයි.
ඉතා කුඩා අවධියේදීම බජාවු දරුවන් කිමිදීමට, පිහිනීමට සහ මාළු ඇල්ලීමට හුරුවෙනවා. මේ දරුවන්ට වැඩිවෙලාවක් මුහුදේ කිමිදී සිටින්න වගේම මුහුද යටදී පැහැදිලිව දැකීමේ හැකියාවකුත් පවතිනවා. නමුත් මේ ජනතාවගෙන් කිසිම කෙනෙකට ලිවීමේ හෝ කියවීමේ හැකියාවක් නොමැති බව පැවසෙනවා.