ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියල දැනගන්න පුළුවන් ක්‍රමයක් පිලිබඳ පරීක්ෂණ සිදු කරන්නෙ චීන වෛද්‍යවරුන් කණ්ඩායමක්. ඔවුන් පවසන පරිදි ආදර හැඟීම් මොලයේ විවිධ කොටස් වෙත එකිනෙකට වෙනස් ලෙස බලපානවා.
මොලයේ MRI ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණයකින් තමයි මේ බව තහවුරු වෙලා තියෙන්නෙ. ස්කෑන් පරීක්ෂණයේදී මොලයේ විවිධ කොටස්වල හෝමෝන ක්‍රියාකාරිත්වය විවිධ ප්‍රමාණයන්ගෙන් වෙනස් වන ආකාරය පැහැදිලි ලෙස පෙන්නුම් කර තිබෙනවා.
ඒ විතරක් නෙවේ ඔවුන් පවසන පරිදි මොලයේ න්‍යෂ්ටින් පෙම් සබඳතාවයක් අවසානයේ විශේෂිත ආකාරයකින් ක්‍රියා කරයි.
පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසන පරිදි මේ ක්‍රමය දික්කසාද කටයුතු, අපරාධ සම්බන්ධ නීතිමය කටයුතු සඳහා අනාගතයේදී යොදාගත හැකිවෙනවා.
ඒ කියන්නෙ අනාගතයේදී ස්කෑන් පරීක්ෂණයකින් අපිට තහවුරු කරගන්න පුළුවන් වෙයි අපේ සහකරු හෝ සහකාරිය ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියලා.