ඒ වගේම facebook පරිහරණය කරන්නන්ට පෙරට වඩා පළ කිරීමට නොහැකි දේවල් සහ පළ කිරීමට හැකි දේවල් සම්බන්ධයෙනුත් පැහැදිලි විස්තරයක් ලබා දීම මෙහි අරමුණ වෙනවා.
පෙර තිබුණු නීති රීති වලට වඩා තුන් ගුණයක් පමණ විශාල වෙන මේ නීති මාලාවේ වැඩි ඉඩක් වෙන වන බව සඳහන් වන්නේ නිරුවත් ඡායාරූප පළකිරීම සම්බන්ධ කරුණු වලටයි. මේ යටතේ නිරුවත් නිතඹ හා නිරුවත් පියවුරු දැක්වෙන ඡායාරූප පළ කිරීම තහනම් කර තිබෙනවා.
ඒ විතරක් නෙමේ ලිංගික ක්රියා පිළිබඳ කෙරෙන විස්තර පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.
මීට අමතරව බියවැද්දීම්, භයානක සංවිධානවල ඡායාරූප, හිංසා කිරීම්, සමාජයේ ජනප්රිය පුදගලයන්ට එරෙහි මඩ ප්රචාර, ලිංගික අපයෝජන, බෝම්බ පිපිරීම් යන සිද්ධි පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.