මහින්ද රාජපක්ෂ කියනවා ඔහු උතුරට ඡන්ද අයිතිය ලබා දුන්න නිසා තමයි ඡන්දය පරාද වුණේ කියලා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
යුද්දෙ කාලෙත් උතුරේ ප‍්‍රදේශවල ඡන්දය පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා සිංහල ජනතාව රවට්ටන්න තමයි මේ වගේ අදහස් පළකරන්නේ. එල්ටීටීඊ නායකයාට මිලියන ගණන් ලබාදීලා ඡන්ද වර්ජනයකට යැව්වා කියලා ඔහුට චෝදනා තියෙනවා. අගමැතිතුමාත් ඒ කතාව කියනවා. ජේ.ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා ජනාධිපතිවරුන්ගේ කාලවලත් උතුරේ ඡන්ද තිබුණා. ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල වගේම උතුරේ ඡන්දය පැවැත්වෙනවා. ඒක මහින්ද අලූතින් ලබා දුන්නු අයිතියක් නෙවෙයි. මේක අමූලික බොරුවක්.
මහින්ද රාජපක්ෂ කියන්නේ ඔහු යුද්ධය ඉවර කරලා ජාතික සමඟිය ඇති කළා කියලා.
ජාතීන්ට සම අයිතිවාසිකම් නැතිව ජාතික සමගියක් ඇතිවන්නේ කොහොමද? එක් මිනිසුන් පිරිසකට වඩා තවත් පිරිසක් පහත් නම් බහුතරයට සුළුතරයට යටත් නම්? මහින්දට ඒ තත්ත්වය වෙනස් කරන්න බැරිවුණා. යුද්ධයෙන් පස්සෙ ගෙවුණු කාලය විතරක් අරගෙන බලන්න. විශාල ජනතාවක් නැවත පදිංචි කිරීමක් නැතිව ඉන්නවා. අවුරුදු විස්සක් තිස්සේ විශාල ජනතාවක් අවතැන් කඳවුරුවල ඉන්නවා. වලිකාමම් උතුරු ප‍්‍රදේශවල හමුදාවෙන් හෝටල් දහ අටක් හදනවා. ජනාධිපති මාලිගාවක් හදනවා.
ගොල්ෆ් ක‍්‍රීඩාංගණ හදනවා. හමුදා නිලධාරීන්ගේ ගෙවල් හදනවා. ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී ජනතාව අවතැන් කඳවුරුවල ඉන්නවා. මේ වගේ පසුබිමක ජාතික සමඟියක් හැදෙන්නේ කොහොමද? යටත් විජිත පාලකයෝ ටිකක් යටත් වැසියන් ලෙස දෙමළ ජනතාව තියාගන්න උත්සාහ කිරීමක් වගේ නෙමෙයිද මේක. හමුදාව උතුරේ කිරි නිෂ්පාදන, ගොවිතැන් එහෙම කරනවා. ඒකෙන් ජනතාවගේ ජීවන වෘත්තීන්වලටයි පහර වදින්නේ. හමුදාව වගා කරන නිසා ගොවියන්ට වගා කරලා අලෙවි කරගන්න අමාරුයි. මේ වගේ හේතු ගොඩක් නිසා යුද්ධයෙන් පස්සෙත් ද්‍රවිඩ ජනතාව බොහොම පීඩනයකට පත්වෙලා ඉන්නේ. හරිම අසාධාරණ විදියට රට ඇතුළේ දෙමළ ජනතාවගේ හඬ යටපත් වෙලා. අවසන් සටනේදී හමුදාවට යටත්වෙච්චි විසිදාහක් විතර අතුරුදන් වෙලා තියෙනවා. ඒක හොයා බලන්න ක‍්‍රියාත්මක වෙන්නෑ.
යුද්ධය ඉවර කළ වහාම ජාතික සමඟිය ඇතිවුණා කියලා තමයි සිංහල ජනතාව කියන්නේ.
යුද්ධයට හේතුවෙච්ච කාරණා තියෙනවා. ඒවා ගැන හොයලා බලලා විසඳුමක් දුන්නොත් තමයි ජාතික සමඟිය ඇතිවෙන්නේ. යුද්ධ ඉවර වුණ ගමන් සාමය එනවා කියන්නේ මනඃකල්පිත අදහසක්. යුද්ධයෙන් පස්සේ ජාතික සමඟිය ඇති කරන්න කිසිම දෙයක් කරලා නැහැ. දේශපාලන විසඳුමක් නැහැ.
මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පිළිගන්නවා භූමිය එක් කළත් මිනිසුන්ගේ හදවත් එක්වුණේ නැහැ කියලා. ඔවුන් සංහිඳියාව ඇති කරයිද?
මේගොල්ලන්ගේ දවස් සීයේ වැඩපිළිවෙළ තුළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධ හෝ අතුරුදන්වූවන් ගැන හෝ බන්ධනාගාරවල ඉන්න ජනතාව ගැන කිසිවක් සඳහන් වෙලා නැහැ. මැතිවරණ ප‍්‍රකාශවලදීත් දෙමළ ජනතාවට විසඳුමක් දීම ගැන කතා කළේ නැහැ. නිදහස් උළෙලේ ප‍්‍රකාශයක් කළත් මාසයක් ගිහිල්ලාත් කිසිම දෙයක් කරලා නැහැ. සාකච්ඡුා ආරම්භ කරලා, නැවත පදිංචි කරලා බන්ධනාගාරවල ඉන්න ජනතාවට සහනයක් ලැබෙනවා නම් දෙමළ ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙයි.
දෙමළ ජනතාවට තිබෙන ප‍්‍රශ්න සිංහල ජනතාවට අවබෝධ කරවන්න කවුරුත් නැහැ නේද? මේ ප‍්‍රශ්නයේදී අවස්ථාවාදී මාධ්‍ය භාවිතාව ගැන හිතන්නේ මොකක්ද?
ඇත්තටම ඒක හරි. දෙමළ ජනතාවට තියෙන ප‍්‍රශ්න සිංහල ජනතාවට වැරදි විදියට තමයි ගෙනියන්නේ. ජාතික ප‍්‍රශ්නයත් සිංහල ජනතාවට වැරදියට තමයි වාර්තා වෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ හිතන්නේ දෙමළ ජනතාවට වැරදි මතයක් කිව්වොත් තමයි සිංහල ඡුන්ද ගන්න පුළුවන් කියලා. ඒ වාගේම ජාතික හෙළ උරුමය, විමල් වීරවංශගේ පක්ෂය, බොදුබල සේනාව සිංහල ජනතාව ඉලක්ක කරගනිමින් ජාතිවාදී විදියට ඉන්නවා. ඒක තමයි මේ දෙමළ කතා කරන ජනතාව සහ සිංහල කතා කරන ජනතාව අතර හරි සන්නිවේදනයක් නැතිවෙන්න හේතුව.
දකුණේ විකල්ප මතයක් ප‍්‍රබලව ගෙනෙන ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂත් ඉන්නේ ඒ වගේ මතයක. ඔවුන් එක් අවස්ථාවක ආයුධ අතට ගත්ත පිරිසක්. මේක දකින්නේ කොහොමද?
ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතට ගත්ත පක්ෂයක් විතරක් නෙවෙයි. මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂයක්. සමාජවාදී පක්ෂයක්. කියන්න ඕනෑ සියලූ ජනතාවට සම අයිතිවාසිකම් දෙන්න ඕනෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සිංහල ජනතාවට සම අයිතිවාසිකම් දෙන්න අනෙකුත් ජනතාවට අවශ්‍ය නැහැ වගේ මතයක්. උතුරු නැගෙනහිර ඉන්නේ බහුතරයක් දෙමළ කතා කරන ජනතාව. ඒ පළාත් දෙක එක්වෙලා ස්වයංපාලනයක් ඉල්ලීම වැරදියි කියලා තමයි ජේවීපීය කිව්වේ.
රටේ ඉන්නේ බහුතර සිංහල ජනතාව. රටේ ජනාධිපති අගමැති සිංහල වුණාට කිසි ප‍්‍රශ්නයක් නැහැ. උතුරු නැගෙනහිර ඉන්නේ වෙනත් සංස්කෘතියක් තියෙන ජනතාව. ඔවුන් මධ්‍යම ආණ්ඩුවට යටත්, තමන්ගේ පාලනයක් ඉල්ලීමට තමයි ජේවීපීය විරුද්ධ වුණේ. සමාජවාදී ජේවීපීයක් කියන්නේ දෙමළ ජනතාව සුළු ජාතිකයෝ, බහුතර සිංහලයෝ දෙන දෙයක් හොඳයි කියලා පිළිඅරගෙන හිටියම ඇති කියලයි. පසුගියදා උතුරේ සම්මත වුණු යෝජනාවත් ජේවීපීය ගත්තේ වැරදියට.
උතුරු පළාත් සභාව සම්මත කරගත්ත යෝජනාව සිංහල ජනතාවට පණිවුඩයක් කියලයි විග්නේශ්වරන් මහතා කිව්වේ. ඒත් ඒ පණිවුඩය දකුණට ආවෙ නැහැ.
ඇත්තටම විග්නේශ්වරන් මහතා එතන කළ කතාව සහ යෝජනාවේ තියෙන කරුණු විකෘති නොකර සිංහල මාධ්‍යවල පළවෙන්න ඕනෑ. ඊට පස්සේ ඒ කතාවේ අඩුපාඩුවක් තියෙනවාද කියලා සිංහල ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මේ යෝජනාව බෙදුම්වාදී ජාතිවාදී අන්තවාදී තීන්දුවක් නෙවෙයි. හැමදාම ආපු ආණ්ඩු දෙමළ ජනතාව රැුවටීමයි කළේ. අන්තිම යුද්ධයේදී හතළිස්දාහක් මියගිය බවත් සාම්පූර් යුද්ධයේදී ලක්ෂ තුනක් මියගිය බවත් වාර්තාවල සඳහන් කරනවා. හමුදාව ඇවිල්ලා උතුරේ වගා කරනවා, මාලිගා හදනවා. මේ වගේ දේවල් තමයි මේ යෝජනාවේ තියෙන්නේ. අදත් ද්‍රවිඩ ජනතාවට ඒගොල්ලන්ගේ ඉඩම්වල පදිංචි වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා විශාල මිනිස්සු ප‍්‍රමාණයක් විදේශ ගතවෙලා ඉන්නවා. කිලිනොච්චිවල ප‍්‍රදේශයක කාන්තාවන්ට ළමයි නොලැබෙන විදියට වඳ කරලා තියෙනවා. මේ දේවල් තමයි අපි කියන්නේ වර්ග සංහාරයක් කියලා. මේ යෝජනාව සිංහලයන්ට විරුද්ධව නෙවෙයි. දෙමළ ජනතාවගේ ආරක්ෂාවට. සිංහලයන් මරන්න නෙවෙයි.
විග්නේශ්වරන් අගමැතිවරයාගෙන් අහන්නේ තවත් රැුවටීම දේශපාලන සංස්කෘතිය කරගන්නවාද, සිංහල ජනතාවට ඇත්ත තේරුම් කරන්න පුළුවන්ද කියලා. දෙමළ මිනිස්සු එක් මොහොතක ආයුධ අතට ගත්තා. දැන් ඔවුන් අතේ ආයුධ නැහැ. නැවතත් ආයුධ අතට ගන්න ඔවුන් පෙළඹෙයිද?
දශක තුනක යුද්ධයේදී දෙමළ ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා තියෙනවා. ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා. තවත් ලක්ෂ ගාණක් විදේශ ගතවෙලා. මේ වගේ මොහොතක ආයුධ අතට ගත්ත දෙමළ මිනිස්සු නැවත ආයුධ අතට ගන්නේ නැහැ. යුද්ධයෙන් සිංහලයන්ට හිතන්නවත් බැරිතරම් දෙමළ ජනතාව පීඩා වින්දා. මේ ආණ්ඩුවත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය විසඳන්න කටයුතු කරන්නේ නැත්නම් අද නැතත් තව අවුරුදු දහයකින් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දීලා සංහිඳියාව ඇති කරනවා නම් එහෙම අවිනිශ්චිත බවක් ඇතිවෙන්නේ නැහැනේ.
ජිනීවා යෝජනාව කල් ගියා. ඒ ගැන හිතන්නේ කොහොමද?
ලංකාවේ සිදුවෙච්ච මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධ චෝදනා මාර්තු මාසයේ විසි අටවෙනි සැසි වාරයේ සම්මත වෙන්න ඕනෑ. ඒත් ඒක සැප්තැම්බර් දක්වා කල් ගිහින් තියෙනවා. මේ වාර්තාව ආවා නම් ඒකේ අලූත් කරුණු තියෙන්නට ඉඩ තිබුණා. කාටවත් දඬුවම් දෙන්න ඕනෑ නැහැ. අපි හැමෝම ඒ යෝජනාව දිහා බලන්න ඕනෑ පීඩාවට ලක්වුණ ජනතාවගේ පැත්තෙන්. ඒ අයට සාධාරණයක් ඉටුකිරීම පැත්තෙන්. ජීවිත තර්ජන මැද්දේ මිනිස්සු මේකට සාක්ෂි දුන්නේ සාධාරණයක් ඉටු කරවා ගන්න. යෝජනා කල් යෑමෙන් ඒ අයගේ බලාපොරොත්තු කඩවෙලා. මේගොල්ලෝ කාලයක් ඉල්ලූවේ අභ්‍යන්තර විමර්ශනයක් කරන්නම් කියලා. ලංකාවේ මෑත කාලයේ තිබුණු අභ්‍යන්තර කොමිෂන් දිහා බලන්න. සාක්ෂි දෙන්නවත් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක තියෙනවාද? අවුරුදු ගාණක් විසඳුමක් නැතිව තියෙයි. ජනතාවට විශ්වාසය තියෙන්න බැහැ. ඒ නිසා මේ යෝජනාව කල් තැබීම දෙමළ ජාතික සන්ධානය පිළිගන්නෑ. ඒ සිංහල ජනතාවට දඬුවම් දෙන්න හරි ඒ අය එක්ක තරහකින් හරි නෙවෙයි.
මේ ආණ්ඩුවත් ජාතික ප‍්‍රශ්නය ගැන හිතන්නේ රාජපක්ෂ ආණ්ඩුව වගේ නම්, ඔබේ පක්ෂය නිදහස් උළෙලට ගිහින් ජාතික විධායක සභාවට ගිහින් පාර්ලිමේන්තුවේදි ඡන්දය දීලා ආණ්ඩුව එක්කම ඉන්නේ ඇයි?
නිදහස් උළෙලට සහ ජාතික විධායක සභාවට ගියේ ටීඑන්ඒ මතය අනුව නෙවෙයි. ඒ දෙන්නෙක්ගේ මතය විතරයි. අතුරු අයවැයට අපි ඡුන්දය දුන්නා. ඒ අයවැය රටට හොඳ නිසා. හොඳ ව්‍යවස්ථා සංශෝධනවලටත් අපි සහාය දෙනවා.
යුද්ධය අදත් සිහිපත් කරන්නේ ජයග‍්‍රහණයක් විදියට. යුද්ධය සිංහලයන් යොදා ගත්තේ ආඩම්බර වෙන්න කාරණයක් විදියට. අපි යුද්ධය සිහිපත් කරන්න ඕනෑ කොහොමද?
යුද ජයග‍්‍රහණය වගේ වැඩසටහන් අවශ්‍යද? කොටි පරාජය කළ නිසා රණවිරුවෝ වීරයෝය කියන එක එක කතාවක්. ලක්ෂ ගාණක් ජනතාව මියගිය එකේ ජයග‍්‍රහණයක් නැහැ. දෙමළ ජනතාවත් මේ රටේ පුරවැසියෝ. මීට කලින් දකුණේ වුණා වගේම ඒ අයත් අයිතිවාසිකමක් දිනාගන්න සටන් කළා කියන එක තේරුම් ගන්න ඕනෑ. කිළිනොච්චි, අලිමංකඩ, මුලතිව් වගේ ප‍්‍රදේශවල වීරත්වය පෙන්වන සමරු ඵලක, පිළිම හදලා තියෙනවා. ඒකෙන් දෙමළ ජනතාවට දිගින් දිගටම දෙන පණිවුය උඹලා පරාජිතයෝ, උඹලට විසඳුමක් නැහැ කියලා. විජයග‍්‍රහණයක් කියලා යුද්ධයේ ඛේදවාචකය සැමරීමෙන් ප‍්‍රශ්නයට විසඳුම් තව තවත් ඈත් වෙනවා.
නැගෙනහිර දෙමළ ජනතාව හිතන්නේ ඔබේ පක්ෂය දැන් උතුර ගැන හිතනවා නැගෙනහිර බලන්නේ නැහැ කියලයි.
උතුරු පළාත් සභාවේ ආසන 38කින් 30ක් ජයග‍්‍රහණය කරලා දෙමළ ජාතික සන්ධානයට විශාල බලයක් තියෙනවා. ඒ නිසා උතුර ගැන අපි අවධානය යොමු කරනවා. නැගෙනහිර ජන කණ්ඩායම් තුනක් ඉන්නවා. ආසන 37න් වැඩිම ආසන තියෙන තනි පක්ෂය අපි. බලයක් පිහිටුවන්න ඒක මදි. බලය පිහිටුවන්න නම් මුස්ලිම් කොංග‍්‍රසය වගේ පක්ෂයක සහාය ඕනෑ. මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානය එක්ක ගිවිසුමක ඉන්නවා.
මහ ඇමති ධුරය අවුරුදු දෙකහමාර බැගින් භාරගන්න. මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානයෙන් ඉවත් වුණු වෙලාවේ අපි උත්සාහ කළා බලය ලබාගන්න. ඒත් මුස්ලිම් කොංග‍්‍රසය ඒකට අකමැති වුණා. අද ජනාධිපති සහ අගමැතිට බලය ලබාගන්න දෙමළ ජනතාව උදව් වුණා. ඔවුන් එක්කත් නැගෙනහිර ආණ්ඩුවක් පිහිටුවන්න කතා කළත් ඔවුන් අකමැති වුණා. අපි නැගෙනහිර අමතක කළා නෙවෙයි, එහේ අයට බලය පිහිටුවන්න සහයෝගයක් ලැබුණේ නැහැ. නැගෙනහිර බහුතරයක් තියෙන්නේ දෙමළ නියෝජිතයන්ට. ඒත් පහුගිය ඇමති මණ්ඩලයේ දෙමළ ජනතාවට ඇමතිකමක්වත් තිබුණේ නැහැ.
ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කරනවා. මොන වගේ ව්‍යවස්ථා වෙනස්කම්ද ඔබලාගේ පැත්තෙන් විය යුත්තේ?
ස්වාධීන කොමිෂන් පත් කිරීම, ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම ඇතුළු වෙනස්කම්වලට අපි එකඟයි. එහෙත් මේවා කරන්න යෝජනා කළ දේශපාලන නායකයෝ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථා වෙනසක් ගැන කියලා නැහැ. යමක් පාර්ලිමේන්තුවේ කරන්න තුනෙන් දෙකේ බලය ඕනෑ. එහෙත් මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න තුනෙන් දෙකක් එකතු කරගන්න බැහැ. මේ ප‍්‍රධාන පක්ෂ දෙකම ජාතික ප‍්‍රශ්නය ගැන හිතන්නේ කොහොමද කියලා තේරෙනවා.
ප‍්‍රශ්නවලට විසඳුමක් දෙනවා නම් ආණ්ඩුවට සහයෝගය දෙන්න කැමතියි කියලා ඔබ කිව්වා. විසඳුම විය යුත්තේ මොකක්ද?
උතුරු නැගෙනහිර බහුතරයක් දෙමළ කතා කරන ජාතිකයන් ඉන්න ප‍්‍රදේශයක්. මධ්‍යම ආණ්ඩුව බහුතරයක් සිංහල ජාතීන් ඉන්න ප‍්‍රදේශයක්. ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගන්න පුළුවන් දේශපාලන අධිකාරියක් තියෙන්න ඕනෑ. ස්වයං පාලනය කියන්නේ ඒකට මිසක් රටට අනතුරුදායක දෙයකට නෙවෙයි.
ඇමරිකාවේ ජනපද ගණනාවක් එකතු වෙලා එක්සත් ජනපදයක් හැදිලා තියෙනවා. කැනඩාවත් ඉන්දියාවත් ගත්තාම විවිධ භාෂා කතා කරන ජාතීන් කිහිපයක අයට ස්වයං පාලන බලතල ලබාදීලා තියෙනවා. විවිධත්වය තුළින් ඒකීයත්වය ළඟාකර ගන්න පුළුවන් ක‍්‍රමයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ඇති කරන්න ඕනෑ. ඒකෙන් රට බෙදෙන්නේ නැහැ. වෙනත් රටවල් හැදෙන්නේ නැහැ. ජාතික හැඟීම නැතිවෙන්නෙත් නැහැ. ලෝකේ සාර්ථක රටවල් මෙහෙම ඉන්නවා. අපේ සංස්කෘතිය, භාෂාව, කලාව ආරක්ෂා කරගන්න ගමන් ගෞරවනීය ලෙස ජීවත් වෙන්න අවශ්‍ය ව්‍යවස්ථාමය පසුබිමක් හදන එක ගැන තමයි බලාපොරොත්තුවෙන්නේ. අඩු තරමේ ඒකට සංවාදයක්වත් දැන් නැහැ.
ආණ්ඩු මාරුවත් එක්ක ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මතභේද ඇතිවෙලා තියෙනවා නේද?
බෙදීමක් කියන එකට වඩා ප‍්‍රතිවිරුද්ධ අදහස් අතරෙ සංවාදයක් කියලා කියන්න පුළුවන්. ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂ කිහිපයක් එකතුවෙලා හැදිලා තියෙන්නේ. ඊපීආර්එල්එෆ්, ප්ලොට්, ටෙලෝ, අයිටීඒකේ වගේ පක්ෂ තියෙනවා. සියට සීයක් ඔක්කොම එක මතයක් නැහැ. විවිධ අදහස් තියෙනවා. හැබැයි අපට ජනතාව වෙනුවෙන් එක මතයක් තියෙන්නේ. ගැටලූ විසඳගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
තරිඳු උඩුවරගෙදර
ravaya.lk