කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබේ.
Adobe සමාගම විසින් නිකුත් කරනFlash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණි.මෙම වෛරසයටගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ලැබේ. මෙම වෛරසයේ බරපතලම අනතුර වන්නේ ඊට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතුවෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පද සොරාගැනිමත් සිදුවීම ය.
වෛරසය ඉවත් කරගන්නා ආකාරය
මෙම වෛරසයඉවත්කරගැනීම සනදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ.පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings>Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේ පරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.
https://developers.google.com/speed/public-dns/docs/using