ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ඇගේ රූ සපුවේ රහස පසුගියදා හෙළි කරනු ලැබුවා. ඔහු පවසන ආකාරයට අයිෂ්වර්යාගේ රූමත්බවේ රහස වන්නේ නිතරම ඇය සතුටින් සිටීමයි.
2007 වසරේ අභිෂේක් බච්චන් සමඟ විවාහ වූ අයිෂ්වර්යා එක් දරු මවක්ද වේ.
දරු උපතත් සමඟ ඇය වසර පහක කාලයක් සිනමාවෙන් ඈත්ව සිටියා. බොලිවුඩයෙන් ලැබෙන ආරංචි අනුව ඇය පසුගියදා අලුත්ම චිත්රපටියක වැඩ කටයුතු සඳහා සම්බන්ධ වී සිටියි. ඒ සංජය ගුප්තා නම් අධක්ෂක වරයාගේ Jazbaa නම් චිත්රපටියයි.