ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන දැයෙන් සමුගනී

Published in කලා
Monday, 26 January 2015 13:09

ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන මහතා ඊයේ(25) මෙලොවින් සමුගත්තේය. දරුවන් සත් දෙනෙකුගේ පියෙකුවූ ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.

60' 70' දශකයන් එකලු කළ සිංහල සරළ ගීතය පිළිබඳ මතකය  අදටත් එකසේ පවතී. අසාහාය ගායක එච්.ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ සරළ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී පද මාධූර්යයෙන් ඊට ඔදවත් මෙහෙවරක්‌ කළ ගීත රචකයන් වූයේ අතැඟිලි පමණකටය. ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

ඔහු ගීත 1000 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති අතර දශක කිහිපයකට ඉහතදී අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ හඬින් ගැයුණු මුල්ම ගුවන් විදුලි ගීතය ලෙස සැලකෙන ‘මුලදි බැන්ඳ ආදරයක මිහිර දැන්’ ගීතයේ මෙන්ම ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගුවන් විදුලියේ වෙළඳ සේවයට මුලින්ම ගැයූ ‘ආලේහි බැඳී ජීවිත අඳුරේහි ගැලේවි’ ගීිතයේ පද රචකයා ඇලෝයි ගුණවර්ධනය. ඉන් පසු ජෝතිපාලයන් මෙන්ම මිල්ටන් විසින් ද ගායනා කළ ගීත ගණනාවකම පද රචනා හිමිකරු වුවේ ඇලෝයිමය. ජෝති ගැයූ ‘ඇස් දෙක වාගෙ හිටිය’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘පණ වාගෙ හිටියාට’, ‘ඇයි දැන් එපා වෙලා’, ‘පිළිගන්න මම චන්න ඇමති’, ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘රත්තරන් සඳක් පායයි’, ‘බලන්න මා දිහා ටිකක් හිනා වෙලා’, ‘මගෙ ජීවිතයේ සතු වී තිබු දෙයක්’, ‘මා ලැබූ ජීවිතයේ සැනසුම ඔබ සතුවේ’, ‘වෙනතක යන්න ගියා’, ‘වෙන තරුණියකගෙ දෑත රැගෙන මට’ ගීත මෙන්ම මිල්ටන් ගැයූ ‘අහන්න මගෙ හොඳ පුංචි පුතේ’, ‘ඔබට නම් නැහැ නේද රත්නේ මට වගේ දුක් වේදනා’, ‘බැලුවේ නැහැනේ මාගෙ දිහා’ වැනි ගීත ද ලියූ ඇලෝයිගේ ගී පදමාලාය.

ඇලෝයි ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු පිළිබද විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.


මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නෙ නෑ මගේ සුදු රත්තරන් . . .!

ගැයුම – එච්. ආර්. ජෝතිපාල
පද – ඇලෝයි ගුණවර්ධන

{youtube}QEqR86E9hLI{/youtube}

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us