බත්තලංගුණ්ඩුව මනෝ විශ්ලේෂණාත්මක කියවීමක්

Published in කලා
Wednesday, 26 November 2014 14:47

කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය​. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල ඝට්ටනයක් ඇති කරයි . මේ නිසා ඔහු මානසික හුදකලාභාවයකට ලක් වේ. පීතෘ වියෝගය ඔහුගේ විශ්වාස පද්ධතිය තුවාල කොට තිබේ. මේ නිසා ඔහු ගැඹුරු මානව සම්බන්ධතා ගොඩ නගා ගැනීමට බියක් දක්වයි.

තමන් ගේ මානසික හුදකලාභාවය නිසා වෙනසක් අපේක්ශා කරන ඔහු පියා සොයාගෙන බත්තලංගුණ්ඩුව දිවයිනට යයි. මෙහි සංකේතාත්මක අර්ථය වන්නේ තමන් ගේ මූලයන් සොයා යළිත් මවගේ ගර්භාශයට යාමට ඔහු දක්වන අවිඥානික යොමුවයි. කල්පිටිය මුහුද නැමැති ගර්භාශික තරළය (amniotic fluid) හරහා ඔහු බත්තලංගුණ්ඩුව නම් ගර්භයට සැපත් වෙයි.

බත්තලංගුණ්ඩුවේදී ඔහුට පියා හමුවේ. නමුත් දෙදෙනාගේම හැඟීම් නිර්වින්දනය වී තිබේ. පුරා දීර්ඝ කාලයක් මානසික බැඳීම් වලින් තොරව දුරස්ථකරණයට ලක්ව සිටි පියා සහ පුතා එකිනෙකාට ආගන්තුකයෝ වෙති. කුඩා නෝවා දකින ඇන්ටනි තුල සිබි ප්‍රතිවිරෝධයක්ද (sibling rivalry) ඒ හා සමගම සහෝදර ඇල්මක්ද හට ගනියි. මෙම පරස්පර ප්‍රතිරෝධය ඇන්ටනි තුල පවත්නා අවිඥානික මානසික ගැටුම් නිසා හට ගන්නකි.

ඇන්ටනිගේ අවිඥානික මාතෘ සංකේතය වන්නේ ආන මරියාය​. මොවුන් දෙදෙනාගේ සහ සබඳතාව එක්තරා දුරකට මර්සෝ සහ මරීගේ සබඳතාවට සමානය​.ඇන්ටනිද පිටස්තරයෙකි. බයිබලයේ දැක්වෙන මුහුද දෙබෑ කරගෙන එන අං දහයක් සහ හිස් සතක් ඇති මෘගයා ඔහුය​.

අපවර්තිත ඊඩිපස් සංකීර්ණයේ ශේෂයන් නිසා ඇන්ටනි තුල නෛසර්ගික සමරිසි නැමියාවක් තිබේ. මෙම නෛසර්ගික සමරිසි ආනතිය ප්‍රකාශ වන්නේ පියා කෙරෙහි දක්වන ලිංගික ඉර්ශියාව මගිනි. එම ලිංගික ඉර්ශියාව විසින් තත්‍ය ලෙසින් හෝ මනස්ඍෂ්ටියක් මගින් හෝ ග්‍රේටාව අතික්‍රමණය කරනු ලබයි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Last modified on Wednesday, 26 November 2014 14:48

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us