මේ නිසා ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.
ඒ අනුව ඇය මාධ්‍යවේදියාට දුන් බව කියන දුරකතන ඇමතුම්වල විස්තර පොලිසියට සපයන්නැයි මහේස්ත්‍රාත් එම සමාගම්වලට දැනුම් දුන්නේය.
තමාට ආදරය කරන්නැයි එම කාන්තාව නිතර දෙවේලේ එස්එම්එස් පණිවිඩ එවන බව මාධ්‍යවේදියා පොලිසියට කියා ඇත.