මියගිය අයෙක් දියමන්තියක්ව ළග හිදින ක්‍රමයක්

Published in අනං මනං
Friday, 14 November 2014 13:49

පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමය. නමුත් ඊට එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza) විසින් හදුන්වා දී ඇත. මෙය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැකිය. මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය ඒවා බවට පත්වනු ඇත.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයට අනුව මියගිය පුද්ගලයෙකුගේ ශරීරයේ අළු දියමන්ති බවට පත්කිරීමට හැකියාව ලැබේ. ඒවා නියම පිරිසිදු දියමන්තිය. මේ නිසා සදාදරණීය අයෙකු වටිනා දියමන්තියක් ලෙස සුරැකිව ළග තබා ගැනීමටද හැකි වනු ඇත.

මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ මෙම විශ්මිත විද්‍යාත්මක ක්‍රියාවලිය සිදු කිරීම සදහා (Algordanza) යනුවෙන් හදුන්වන එම සමාගම යන්ත්‍රයන් ගණනාවක්ම භාවිතා කරයි. මියගිය පුද්ගලයෙකු සිහිකරවන සිවිටනයක් ලෙස මෙම දියමන්තිය කෙතරම් අගනේද යන්න අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ ශරීරයේ අළු වලින් කාබන් වෙන්කරගෙන පසුව ඒවා මිනිරන් (ග්‍රැෆයිට්) බවට පත්කරනු ලබනවා. පසුව සුවිශේෂී වූ විද්‍යාත්මක ක්‍රියාවලියකට ඒවා භාජනය කොට දියමන්ති බීජයන් නිර්මාණය කරගැනීමට එම සමාගම කටයුතු කරයි.

මිනී අළු වල කොපමණ බෝරෝන් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවාද යන්න මත එහි වර්ණය තීරණය වේ. වැඩි වශයෙන් බෝරෝන් අන්තර්ගත වුවහොත් එම දියමන්ති වඩාත් නිල් පැහැයක් ගනී. මියගිය ඔබගේ ආදරණීය හිතවතෙක් සිහිවටන දියමන්තියක් බවට පත්කරගැනීමට අවශ්‍යයි කියා ඔබත් සිතනවානම් වැඩි දුර විස්තර සදහා ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

එම සමාගමේ නම ගූගල් හී සර්ච් කරබැලීමෙන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ඔබට පිවිසෙන්නට හැකියාව ලැබේ. එම වෙබ් අඩවිය පරිශීලනය කර මෙහි සත්‍ය අසත්‍ය තාවය ඔබටම අවබෝද කරගත හැකිය.


 මළසිරුරු දියමන්ති බවට පත්කරන යන්ත්‍රය.

1
එකතු කරගනු ලැබූ කාබන් වල පෙනුම තමයි මේ පහතින් ඔබ දකින්නේ.

2


 ආරම්භක ක්‍රියාවලියේදී එය දිස්වන ආකාරය.

3
නිමනොකරන ලද නිෂ්පාදනය

4

මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ අවසාන ප්‍රතිපලය නම් මේ මනස්කාන්ත දියමන්තියයි.

5

Last modified on Friday, 14 November 2014 13:51

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us