මකරන්ද කාව්‍යය වැඩමුළුව නියෝජනය කළ ආධුනික කවි කිවිඳියන්ගේ නිර්මාණ පිළිබඳ අපාක්ෂික විචාර විමර්ශනයක් සහිත මෙම කෘතිය තුළ අදාළ කවි කිවිඳියන්ගේ නිර්මාණ අගයන අතර ම එහි ඇති සදොස් තැන් පෙන්වා දීම ද විශේෂිතය. එමෙන් ම ඔහු විමර්ශනයට භාජනය කළ ඇතැම් කවි ලියු රචක රචිකාවන් මෙතෙක් ඔහුට හමු නොවී තිබිම ද සුවිශේෂය.
මෙම කෘතිය ප්‍රකාශයට පත් කොට ඇත්තේ නුගේගොඩ නාවල පාරේ නැණිල ප්‍රකාශන වන අතර බණ්ඩාර නායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ කවි කුටියෙන් ද ‘‘මකරන්ද කාව්‍යය විමංසා’’ කෘතිය මිල දී ගත හැකි ය.