මෙලෙස වෙඩි තැබීම සිදුව ඇත්තේ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය නිරූපනය කරන ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘‘ Happy New Year ’’ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයාගේ නිවස ඉදිරිපිටයි.
ඔහු, ෂාරුක් ඛාන්ගේ අස්වාසියා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කිරම් මොරානි නම් වූ මෙම නිෂ්පාදකවරයාට දිගින් දිගටම පාතාල කණ්ඩායම්වලින් තර්ජන එල්ල වී තිබිණ.
ඒ ‘‘ Happy New Year ’’ චිත්‍රපටයේ ජාත්‍යන්තර බෙදාහැරීම් ලබාදෙන ලෙසට බල කරමිනි. මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 24 වනදාය.