ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත.
දින කිහිපයකට පෙර පැවති අසනීප තත්ත්වය හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළ ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීමත් සමග දැඩිසත්කාර ඒකකය වෙත යවා තිබුණි.
කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ රසික රසිකාවියන් රෝහල වෙත ඇදී ඒමත් සමග රෝහල් පරිශ්‍රයේ ගැටලුකාරී තත්යක්ද පැන නැගී ඇත.
ඒ සමගම රෝහල සහ චාමර වීරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් ආදරණීය රසික රසිකාවියන්ට කාරුණිකව දැනුම්දුන්නේ ඔහුව බැලීමේ අරමුණින් කළුබෝවිල රෝහල වෙත නොපැමිණෙන ලෙසත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත්ය.