ජනාධිපති සිනමා සම්මාන උළෙල අද

Published in කලා
Tuesday, 14 November 2023 11:50

ශ්‍රී ලාංකීය සිනමාවේ මහා මංගල්‍ය ලෙස සැලකෙන 2023 ‘ජනාධිපති සිනමා සම්මාන උළෙල’ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වේ.



ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව විසින් 20 වන වරට පැවැත්වෙන මෙම සිනමා සම්මාන උළෙල අද  (14) ප.ව 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී සිනමා සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වසංගතය නිසා නැවතී තිබු ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සිව් වසරකට පසු යළි පවත්වන්නේ 2019 හා 2020 වසර වල තිරගත වූ චිත්‍රපට 42ක් වෙනුවෙනි. එහි දී ප්‍රධාන සම්මාන 44 ක් හා විශේෂිත සම්මාන 9ක් පිරිනැමෙන අතර ඒ සදහා රුපියල් 69 ,25000 ක මුල්‍ය තිලිණ පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හා ගොඩකන්ද හර්බල් ආයතනය එක්ව මෙවර ජනාධිපති සිනමා සම්මාන උළෙල සංවිධාන කර ඇත්තේ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ  පැල්පිට යන අය‌ගේ උපදේශකත්වය හා මග පෙන්වීම අනුවය.

-RS

Last modified on Tuesday, 14 November 2023 16:28

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us