රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ් ෂෝ'' කොලිවුඩ් සිනමාපටය තිරගත කිරීමට සුදානමින්

Published in කලා
Monday, 08 February 2021 11:41

යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන විට සැකසෙමින් පවතී.

ඉන්දීය දමිළ ජාතික A.T Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ” සෙක්න්ඩ් ෂෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවි සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර් පණ පොවති.

සෙසු චරිත කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂතා සොනාවනේ සහ ගුජරාටි නිරූපන ශිල්පිනී පූජා මොන්ඩල් රඟ දක්වති.
2019 වර්ෂයේදී නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මින්හැම්වල) රූපගත කළ මෙම චිත්‍රපටය, එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි.

(මෙහි සිිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂක තිසර ඉඹුලානගෙනි)
“Suspense, Thriller, Fantacy” ශානරවලට අයත් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිතයකට (double acting) හේමාල් පණ පොවනු ලැබේ.
“සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය හේමාල්ගේ රංගනය ඇතුළත් වන පළමු විදෙස් චිත්‍රපටය වන අතර, එය හේමාල් සිය සිනමා ගමන් මගේ රඟපෑ 18 වෙනි සිනමා නිර්මාණය වේ.

(තිරගත වූ සිනමාපට -10/ තිරගත වීමට නියමිත හා නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින සිනමාපට -08)
2012 වසරේ “සුපර් සික්ස්” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ හේමාල් රණසිංහ, 2020 වසර වන විට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මෙන්ම, වෙළද දැන්වීමක පෙනී සිටීම වෙනුවෙන්ද වැඩිම මිල අය කරන ශ්‍රී ලාංකේය නළුවා වේ.

උපුටා ගැනීම - උදිත ලක්මාල් කහඳවආරච්චි

Last modified on Monday, 08 February 2021 11:42

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us