සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි Featured

Published in Gossip
Saturday, 03 November 2018 18:46

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම තහවුරු වීමත් සමඟ සිරිසේන ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ ආශාව අත් හැර ඇත.

අද උදෑසන එජාපයේ බස්නාහිර පළාත් ප්‍රබල අමාත්‍යවරයෙන් අමතා ඇති ජනාධිපතිවරයා එජාපය සතුව බහුතරයක් තිබේ නම් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු අගමැතිවරයා ලෙස පිළිගැනිමට තමන්ට හැකි බව දන්වා ඇත. එජාපයේ ජයග්‍රහණය මේ වන විට ස්ථිර බව ඇමැතිවරයා පෙන්වා දි තිබෙන අතර ඒ අනුව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හැර වෙන අයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව අවධාරණය කර තිබේ,

එහෙත් ජනාධිපතිවරයා තමන් අසරණ භාවයට පත්ව අැති බවත් මෙය වින් ‍ටු වින් ක්‍රමයට දෙපැත්තටම සාධාරණ ලෙස විසඳා ගැනීමට හැකි බව පවසා ඇත. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස යළි පිළිගැනිමට සිදු වුවහොත් එය තමන්ගේ දේශපාලන ජීවිතයේ විශාලම පරාජය වන බවත් තව දුරටත් ජනාධිපතිධුරයේ රැඳි සිටීමට නොහැකි වනු ඇති බවත් පවසා තිබේ. මේ නිසා රනිල් වෙනුවට වෙන ඕනෑම මන්ත්‍රීවරයකු ඉදිරිපත් කරන ලෙස අයැද තිබේ.
ඇමැතිවරයා මේ බව රනිල් වික්‍රමසිංහට දැනුම් දී පිළිතුරක් දිය හැකි බවට එකගවී තිබේ.

Leave a comment

ld add copy

Latest News

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කර...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us