මිහින් ලංකා, ධම්මික පෙරේරාට

Published in Gossip
Saturday, 10 October 2015 19:22

මිහින් ලංකා ගුවන් සේවයේ සභාපතිධුරය ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතාට ලබා දීමේ සූදානමක් ඇති බව වාර්තාවේ.මේ සඳහා ආණ්ඩුවේ ප්‍රබලයකු දැඩි උත්සාහයක් දරමින් තිබේ. ඉදිරි අයවැයෙන් පසුව මෙම පත් කිරීම සිදු කෙරෙනු ඇති බව පැවසේ.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී ඊට ඉතා සමීප ව්‍යාපාරිකයකු වූ අතර ප්‍රවාහණ අමත්‍යංශයේ ලේකම් ධුරයද ඔහු විසින් හොබවනු ලැබීය. මේ වන විට සම්පත් බැංකුවේ ප්‍රධානියා වන අතර ඔහුගේ ව්‍යාපාර ජාලය වන වැලිබල් ‍ෆිනැන්ස්, රෝයල් සෙරමික් හේලීස්, ලංකා සෙරමික්, එල් බී ‍ෆිනැන්ස් ඇතුලු තවත් සමාගම් රැසක කොටස් හිමිකාරිත්වයද දරයි.

රතුපස්වල සංහාරය සිදුවූයේද ඔහුට අයත් කර්මාන්ත ශාලාවක පරිසර දූෂණයට එරෙහිව ජනතාව විරෝධතා දැක්වීම නිසාය. අද වන තුරුත් එම ජනතාවට කිසිදු සහනයක් ලැබී නැත.

එමෙන්ම පසුගියදා ධම්මික පෙරේරා ගේ වැලිබල් ලංකා සමාගම, ලංකා බැංකුවට ගෙවිය යුතුව තිබු මිලියන 130 ක ණය මුදල කපා හැරීම ගැනද වාර්තා විය.

එමෙන්ම පසුගිය මැතිවරණ සමයේදී ධම්මික පෙරෙරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලකුට මිලියන 15ක් ලබා දී ඇති බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ධම්මික පෙරේරා මහතා එජාපය ශ්‍රී ලනීපය හා ජවිපෙ යන පක්ෂ තුනටම අනුග්‍රහය දක්වන්නෙක් බව ප්‍රකටය. මේ නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් වැ‍රැද්දක් කියන්නේ නැත.රතුපස්වල ප්‍රශ්නයේදී වෙඩි තැබීම ගැන කවුරුත් කතා කළ මුත් කර්මාන්ත ශාලාව නිසා සිදුවන හානිය ගැන වගේ වගක් නැතිව සිටියහ. ලංකා බැංකුව ණය කපා හැරීම ගැන ශ්‍රී ලනීපයේ පාර්ශ්ව දෙකම නිහඬය ජවිපෙත් නිහඬය, දේශප්‍රේමීයෝත් නිහඬය.

Last modified on Saturday, 10 October 2015 19:26

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us