පබාගෙන් අලුත්ම සොයාගැනීමක්

Published in අනං මනං
Wednesday, 30 July 2014 15:30

සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා පවසා සිටියේ අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47-44 අතර කාලයේ බවයි.

අනුලා දේවිය රජවරු හතර පස් දෙනෙකු ගේ බිසව ලෙස සිට රජ වූ නිසා පබාට අනුව ඇය බුදුන්ගේ කාලයේ ජීවත්ව සිටියා විය යුතුය.

නමුත් සැබෑවටම අනුලා දේවිය පාලනය කළේ ක්‍රිස්තු පූර්ව 47 – 42 අතර කාලයේය. එය ලියන්නේ 47 BC - 42 BC ලෙසයි.
කවුරුන් හෝ කොලයේ ලියා දුන් BC යන්න පබා තේරුම් ගෙන ඇත්තේ බුද්ධ වර්ෂ ලෙස ය. නමුත් BC යනු ක්‍රි:පූ හෙවන් Before Christ ය

බුද්ධ වර්ෂ ගණනය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිදුවූ දා පටන්ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2014 යනු බුද්ධ වර්ෂ 2558කි.
එම නිසා බුද්ධ වර්ෂ වලින් ගණනය කළහොත් අනුලා දේවියගේ කාලය වන්නේ බුද්ධ වර්ෂ 497- 502 ත් අතර කාලයේය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us