අලුත උපන් කුමරිය නමින් ජපන් වඳුරෙක්

Published in අනං මනං
Friday, 08 May 2015 10:35

බටහිර ජපානයේ සත්ව උද්‍යානයක උපන් මකාක් වර්ගයට අයත් වඳුරු පැටවෙකුට චාර්ලට් යනුවෙන් නම් තැබීම ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත උපන් බිළිඳියගේ නමත් චාලර්ට් වීමයි.

අලුත උපන් වඳුරු පැටවාට නමක් යෝජනා කිරීමට පසුගිය බදාදා පැවති මහජන විමසුමකින් පසු චාර්ලට් යන නම සත්ව උද්‍යානය විසින් තෝරාගෙන.

ඒත් නම් තැබීමෙන් පැය විසි හතරකට පසු සත්ව උද්‍යානයට විශාල වශයෙන් පැමිණිලි ලැබිලා.

බටහිර ජපානයේ පිහිටා තිබෙන ඔයිටා සත්ව උද්‍යානය සෑම වසරකම වසන්තය ආරම්භයේ සත්ව උද්‍යානයේ උපත ලබන පළමු වඳුරු පැටවාට නම් යෝජනා කිරීමට මහජන විමසුමක් කැඳවීම සිරිතකි.

පසුගිය සඳුදා දක්වා වැඩිම යෝජනා ගණනක් ඉදිරිපත් වී තිබුණේ එල්සා යන නාමයට වුවත් අඟහරුවාදා බ්‍රිතාන්‍ය බිලිඳු කුමරියට චාර්ලට් යනුවෙන් නම් තැබීමත් සමග තත්වය වෙනස් වෙලා.

Last modified on Friday, 08 May 2015 10:38

 

ld add copy

ක්‍රීඩා

Connet With Us