දවසින් දවස ගණන් උස්සන ජැකලීන්

Published in අනං මනං
Wednesday, 29 April 2015 16:52

ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භයක් ඇති මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින නිළියක්.

ජැකලීන්ගේ ජනප්‍රියත්වය කොතරම්ද කියනවනම් ඇය විවාහ උත්සවයක නර්තනයක් ඉදිරිපත් කිරීම සඳහා කෝටි හතරක මුදලක් අය කරන බවයි පැවසෙන්නේ.

ඉදිරි දිනක එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත විවාව උත්සවයට සහභාගී වන පිරිස පුදුම කිරීම සඳහා නර්තනයක් ඉදිරිපත් කිරීමට ඉන්දියානු කෝටි 4ක මුදලක් ඇය විසින් ලබාගෙන ඇති බව පැවසෙනවා.

ලන්ඩන් නුවර පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ උත්සයක් සඳහා ඇය සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කොහොම වුණත් ජැකලීන් අදාළ විවාහ උත්සවයට සහභාගී වී දින දෙකක කාලයක් එහි ගත කරන අතර එම දින දෙක සඳහාද වියදම් දරණු ලබන්නේ එම පවුලේ උදවිය බවද වාර්තා වෙයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us