යුධ ස්මාරකය ළඟ නැටුවට සිර දඬුවම් (video)

Published in අනං මනං
Monday, 27 April 2015 11:48

දෙවැනි ලෝක යුද්ධයේ සැමරුම් ස්මාරකය අභියස හිප් පොප් (hip-hop) නර්තනයක යෙදුනු වීඩියෝවක් හේතුවෙන් නර්තන ශිල්පිනියන් තිදෙනෙකුට රුසියානු අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව, නර්තන ශිල්පිනයන් දෙදෙනෙකුට දින 10ක සිර දඬුවමක්ද, තුන්වැන්නාට දින 15ක සිර දඬුවමක්ද, තවත් දෙදෙනෙකුට දඩ මුදල්ද නියම කර තිබේ.
වයස අවුරුදු 16 ට අඩු නර්තන ශිල්පිනියක් බාල වයස්කාරියක් වන බැවින් අවවාද කිරීමෙන් පසු නිදහස් කර ඇත.

චෝදකයන් පවසා සිටියේ ඔවුන්ගේ සරාගී හා ලිංගිකත්වය උද්දීපනය වන නර්තනය ඓතිහාසික මතකයකට අගෞරව කිරීමක් බවයි.

මීට පෙරද අන්තර්ජාලයට එකතු කර තිබූ මෙවැනිම නර්තනායතනයක් වසා දැමීමට රුසියානු බලාධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම නර්තනය රැගත් වීඩියෝව මේ වනවිට සමාජජාල වෙබ් අඩවිවල අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බව පැවසේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us