ලෙනින්ගේ දේහයේ රහස්‌ හෙළිවෙයි

Published in අනං මනං
Saturday, 25 April 2015 11:21

ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව දේශපාලන පරිවර්තනයක් සිදු කළ ව්ලැඩ්මීර් ලෙනින්ගේ දේහය වසර ගණනාවක්‌ තිස්‌සේ සුරක්‍ෂිතව තබා ගැනීමට සම්බන්ධ රහස්‌ රසායනික සංයෝග ගැන හෙළි වී ඇත.

සෑම වසර දෙකකටම සැරයක්‌ මුළු සිරුරේම ග්ලයිසිරෝල් සහ පොටෑසියම් ඇසිටේට්‌ තවරන බවද අනාවරණය වී තිබේ.

ලෙනින්ගේ දේහය සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රසායන විද්‍යාඥයන් 200 කාගෙන් යුතු පිරිසක් කටයුතු කර ඇත. වසර 90 කට පෙර මියගිය වැලඩ්මීර් ලෙනින්ගේ සිරුර මෙම රසායනික සංයෝග හේතුවෙන් මිය යනවිට තිබූ සිරුරේ බර, හමේ පැහැය සහ සිරුරේ ප්‍රමාණය කිසිඳු වෙනසකින් තොරව තබා ගැනීම මොවුන්ගේ කාර්ය වී තිබේ.

මෙම මස 22 දා ව්ලැඩ්මීර් ලෙනින්ගේ 145 වන ජන්ම දිනය යෙදී තිබුණි.

lenin2

lenin3

 

ld add copy

ක්‍රීඩා

Connet With Us