youtube පළමු වීඩියෝවට වසර 10යි (video)

Published in අනං මනං
Friday, 24 April 2015 12:10

ලෝක ප්‍රකට youtube වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු වීඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. youtube වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඩ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.


ඔහු විසින් සත්ව උද්‍යානයක සිට පටිගත කරන ලද විඩියෝ පටයක් එලෙස මුදාහැර තිබුණා. එදා සිට ආරම්භ වූ youtube වෙබ් අඩවිය අද වනවිට ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ වනවිට එක් මාසයක් තුළ youtube වෙබ් අඩවියට පිවිසෙන සංඛ්‍යාව මිලියන 800 ක්. 


සෑම මිනිත්තුවකම youtube වෙබ් අඩවියට පැය 300 ක වීඩියෝ පට එක්වන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. ලොව වැඩිම පිරිසක් පරිහරණය කරන වෙබ් අඩවි අතර youtube වෙබ් අඩවියට හිමිවන්නේ 3 වන ස්ථානයයි. මේ දක්වා youtube ඔස්සේ වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝ පටය වන්නේ GANGNAM STYLE ගීතයයි. එය නැරඹූ සංඛ්‍යාව බිලියන 2.24 ක්.

Last modified on Friday, 24 April 2015 12:12

 

ld add copy

ක්‍රීඩා

Connet With Us