ඊජිප්තු කොඩියට අපහාස කළ නිළියට සිරදඬුවම්

Published in අනං මනං
Thursday, 23 April 2015 11:19

ඊජිප්තු ජාතික කොඩියට සමාන ඇඳුමකින් සැරසී නර්තනයක් ඉදිරිපත් කළ සුප්‍රසිද්ධ නර්තන ශිල්පිනියකට(belly dancer) ඊජිප්තු අධිකරණයක් මගින් මාස 6 ක සිරදඬුවමක්‌ නියම වී ඇත.

මීට අමතරව සොපිනාර් ගව්රියන් නමැති මෙම නර්තන ශිල්පිනියට ස්‌ටර්ලින් පවුම් 15000 ක දඩයක්‌ ද නියම වී තිබේ. සෆීනා යන සුරතල් නාමයෙන් හැඳින්වෙන මෙම නර්තන ශිල්පිනිය කාලයක් පටන් ඊජිප්තුවේ වාසය කරන ඇමරිකන් ජාතික කාන්තාවක්.

ඊජිප්තු අධිකරණයට යොමුවූ පෞද්ගලික පැමිණිල්ලක්‌ මත ඇයට නඩු පවරා තිබිණි.

තමා ඊජිප්තු ජාතික කොඩියට අවමන් කළේ නැති බවත් ඇඳුම සකස්‌ වූයේ ජාතික කොඩියේ ඇති වර්ණවලට සමාන වර්ණවලින් බවත් ඇය පවසා තිබේ.

ඊජිප්තුවේ ක්‍රියාත්මක නව රජයේ ප්‍රතිපත්ති අනුව එරට ජාතික කොඩියට අපහාස කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක වේ.

dance1

dance2

 

ld add copy

ක්‍රීඩා

Connet With Us