මිචෙල් ඔබාමාගේ අලුත්ම නැටිල්ල(video)

Published in අනං මනං
Tuesday, 07 April 2015 11:04

මිචෙල් ඔබාමා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ප්‍රිය බිරිඳ බව අපි හැමෝම දන්නවා. ඒ වගේම තමන්ගෙ සැමියාට සහාය වීම සඳහා සමාජ සේවා වැඩකටයුතු රැසක් සිදු කරනවා.

ඒ අතර අපි නොදන්නා දෙයක් තියෙනවා. මේ සියලු වැඩ කටයුතුවලට අමතරව ඇයට  හොඳට නටන්නත් පුළුවන්.

පසුගිය සඳුදා ධවල මන්දිරයේදී පාස්කුව සැමරීම සඳහා පැවැත්වුණු උත්සවයේදී තමයි මිචෙල් ඔබාමාගේ අලුත්ම නැටුම දකින්න ලැබුනෙ.

ඇය මේ නැටුම ඉදිරිපත් කරේ කුඩා දරුවන්ගේ තරබාරු බව නැතිකිරීම සඳහා පවත්වාගෙන යන සමාජ සේවා වැඩසටහනේ ප්‍රවර්ධන වැඩකටයුතු වෙනුවෙන්. ඇය මීට පෙරත් විවිධ සමාජ සේවා වැඩකටයුතු ප්‍රවර්ධනය සඳහා තමන්ගෙ රංගන හැකියාව යොදාගෙන තියෙනවා.

Last modified on Tuesday, 07 April 2015 11:05

 

ld add copy

ක්‍රීඩා

Connet With Us