පාහියන්ගල මානවයා කාන්තාවක්

Published in අනං මනං
Friday, 03 April 2015 13:01

කළුතර පාහියංගල ඉපැරණි සුසාන භුමියෙන් 2012 වසරේ දි සොයා ගත් මිනිස් ඇටසැකිල්ල මෙයට වසර 10000 කට පෙර ජිවත් වු කාන්තාවගේ බව මේ පිළිබඳ එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පවත්වනු ලැබු කාල නිර්ණ වාර්තාවෙන් හෙළිවී ඇතැයි පශ්චාත් පුරාවිද්‍යා උපාධි ආසතනයේ කථිකාචාර්ය හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා පවසයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි මේ කාන්තාව වයස අවුරුදු 19-22 ත් අතර කිලෝ ග‍්‍රැම් 54 ක් පමණ බරැති උස අඩි 5 අගල් 4ක් වු වැඩි මහත නැති කෙසග සිරුරක් ඇත්තියකගේ බවද අණාවරනය කර ගෙන ඇතැයි ඒ මහතා පවසයි.

මේ ඇට සැකිල්ල මෙතෙක් ආසියාවේ හමුවි ඇති උසම සිරුර බවද මේ වාර්තාව අනුව පෙනි යන බව පෙන්වා දෙන නිමල් පෙරේරා මහතා මේ කාන්තාව කිසියම් දන්ත රෝගයකින් පෙළී සිටිය කාන්තාවක් බව ද අණාවරනය වි ඇතැයි පවසයි.

මේ කාන්තාවගේ මළ සිරුර ඇලයට වකුටු කොට වළලා තිබු එකක් බවද ඒ මහතා තව දුරටත් පෙන්නා දෙයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us