පුළුස්සා මරාදැමුණු තරුණිය වෙනුවෙන් විරෝධතා

Published in අනං මනං
Tuesday, 24 March 2015 11:28

පසුගිය සතියේ ෆර්කුන්දා නම් ඇෆ්ගනිස්ථාන තරුණියක් මිනිසුන් පිරිසක් විසින් පහරදී පුළුස්සා කාබුල් නදියට විසිකර මරාදමා තිබුණි. ඇගේ අවසන් කටයුතු ඉරිදා දින කාන්තා අයිතීන් වෙනුවෙන් හඬනගන පිරිසකගේ මැදිහත්වීමෙන් සිදුවිය.

විසිඅට හැවිරිදි ෆර්කුන්දා කුරානයේ පිටපත් පුලුස්සා දැමූ බවට කාබුල් පල්ලියේ මුල්ලාවරයකු විසින් චෝදනා එල්ල කර ඇති අතර ඉන් පසු කෝපයට පත් පිරිසක් මිය යන තෙක් ඇයට පහර දී ඇයගේ සිරුර පුළුස්සා දමා ඇති බව වාර්තා වේ. එසේම අපරාධ පරීක්ෂණ ප්‍රධානියෙකු චෝදනා පවසා ඇත්තේ ඇය යම් මානසික අබාධයකට ලක්ව සිට ඇති බවයි.

කෙසේවෙතත් පොලිසිය පහරදීම සිදුවන අවස්ථාවේ ඒ අසලම සිට ඇතත් තරුණිය බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක නොවූ බවට ඇයගේ පවුලේ ඥාතීහු චෝදනා කර තිබේ. එසේම ඔවුන් පවසන්නේ ගුරුවරියක් වීම සඳහා සුදානම්ව සිටි අදාළ තරුණිය කිසිඳු මානසික අබාධයකින් නොසිටි බවයි.

පල්ලියේ මුල්ලාවරයා දරු පළ නොමැති කාන්තාවන්ගෙන් මුදල් අය කොට ගුරුකම් කළ බව පවසමින් මිය ගිය තරුණිය බහින්බස් වූ බව පහර දීම සිදු වීමට පෙර ඒ අසල සිටි පුද්ගලයකු පවසා ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us