ලෝකයේ අප්‍රකට පුදුම හත

Published in අනං මනං
Friday, 20 March 2015 12:36

ලෝකය විවිධ පුදුම නිර්මාණයන්ගෙන් පිරී පවතිනවා. සමහර නිර්මාණ මිනිස් අතින් නිර්මාණය වූ දේවල්. ඒත් සමහර දේවල් නිර්මාණය කරලා තිබෙන්නෙ ස්වභාව ධර්මය.

එවැනි නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුවා.

 Christ the Abyss

won1

ඉතාලියේ තිබෙන ජේසුස් වහන්සේගේ මෙම  ප්‍රතිමාව මුහුද යට  තැන්පත් කර තිබෙන්නේ 1954 වසරේදීයි.  තඹ වලින් සාදා ඇති ප්‍රතිමාව මීටර් 17ක් පමණ ගැඹුරේ ගිල්වා තිබේ.

Meteora

won2

ග්‍රීසියේ පිහිටා ඇති මෙම ආශ්‍රමය ලෝකේ ඇති විශාලම ආරාමයක් ලෙස සැළකේ. එමෙන්ම මෙය සාදා තිබෙන්නේ ස්භාවික වැලි ගල් ආධාරක ලෙස භාවිතා කිරීමෙනි. 1920 වනතෙක්ම මෙම ආශ්‍රමයට ළඟාවීමට  හැකි මාර්ගයක් නොතිබූ අතර ගමන් කිරීම සඳහා භාවිතා කරනු ලැබුවේ ඉනිමං සහ දැල් පමණි.

 Rungnado May Day Stadium

won3

උතුරු කොරියාවේ අගනුවර පිහිටා  ඇති මෙය ලෝකයේ ඇති විශාලතම ක්‍රීඩාංගනය ලෙස හැඳින්වේ. මෙහි එක්ලක්ෂ පනස්දහසකට පමණ අසුන් ගත හැකි බව පැවසේ. එසේම වර්ග අඩි මිලියන 2.2ක් පුරා මෙම ක්‍රීඩාංගනය විහිදී තිබේ. අඩි 197ක උසකින් යුක්ත වේ.

Ta Prohm

won4

කාම්බෝජයේ පිහිටා ඇති මෙම සොහොන ක්‍රිස්තු වර්ෂ 562 දී 7වන ජයවර්මන් විසින් ඉදිකරන ලද්දකි. මෙය සොහොනක් වුවත් ඉදිකර ඇති ස්වරූපය අනුව පන්සලක හැඩය ගනියි.

The ‘Opera on the Lake’ Stages of Bregenz

won5

1985 වසරේ ඉදිකර ඇති මෙම අපූරු වේදිකාව ඔස්ට්‍රියාවේ විවිධ කලා කටයුතු සඳහා යොදාගන්නකි.

Derweze forever burning crater

won6

කරකුම් කාන්තාරයේ පිහිට තිබෙන මෙම ගිනි කඳු ආවාටය නිරන්තරයෙන් ඇවිලෙමින් පවතියි. මෙය ගිනි ගැනීම ඇරඹී තිබෙන්නේ 1971 වසරේ සිටයි. එසේම නොනවත්වා ගිනි ගැනීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ ආවාටය  තුලින් ගෑස්  නිකුත්වීමයි. මෙය බොහෝ දෙදෙනක් අපායේ දොරටුව වශයෙන්ද හඳුන්වයි.

Socotra

tree1

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දූපත් හතරක්  වන මෙහි ඇති සියලුම ශාක අමුතු හැඩයකින් යුක්ත වේ. මේ හැඩයේ ශාක එම දූපත් හතරේ හැර ලෝකයේ වෙන කිසිඳු තැනක හමුවී නැත.

Last modified on Friday, 20 March 2015 12:37

 

ld add copy

ක්‍රීඩා

Connet With Us