කුඩා මිනිසුන්ගේ රාජධානිය

Published in අනං මනං
Monday, 16 March 2015 14:27

කුඩා මිනිසුන්ගේ රාජධානිය  (Kingdom of the Little People) චීනයේ යුනාන් පළාතේ කුන්මිං නුවර ඇති තරමක්‌ වෙනස්‌ ආකාරයක තේමාවක්‌ ගත්ත විනෝද උද්‍යානයක්‌.

මේ  විනෝද උයන නිර්මාණ වෙලා තියෙන්නෙ චීනයේ සිටින වෙනත් රැකියාවන්  සඳහා බඳවා නොගන්නා උපතින්ම කුරු බවට පත් වූ මිනිසුන්ට රැකියාවක් ලබා දීමේ අරමුණින්.

කොහොම උනත් මේ විශේෂිත මිනිසුන්ගේ ස්වභාවය යොදාගන්නෙ හාස්‍ය ඉපදවීම සඳහායි. මේ හේතුව නිසාම මේ උද්‍යානයට බොහෝ විවේචනද  එල්ල වෙනවා.

නමුත් මේ උද්‍යානය ඉදිකර තිබෙන්නේ කඳු මුදුනක පිහිටි කුඩා මිනිසුන්ගේ ගමක්‌ ආකාරයටයි. බිම්මල් හැඩයේ කුඩා නිවාස, රජමාලිගයක්‌ සහ වේදිකාවක්‌ ගමේ ඉදිකිරීම් අතර තිබෙනවා.

ලස්‌සන බිම්මල් හැඩ ගත්ත කුඩා නිවෙස්‌ වල ජීවත් වන බව අඟවමින් කාලය ගෙවීම කුඩා මිනිසුන්ගේ කාර්යයි. ඔවුන් සංචාරකයින් වෙනුවෙන් ගී ගැයීම, නැටීම සහ නාට්‍ය දර්ශන රඟ දැක්‌වීම ආදියත් කරනවා.

කුඩා මිනිසුන්ගේ රාජධානිය චීනයේ ධනවත් ඉඩකඩම් ආයෝජකයෙකු වන චෙන් මිංර්ං ගේ නිර්මාණයක්‌. ඔහු එය ඉදිකළේ 2009 දියි.

උද්‍යානයේ සේවයට බඳවා ගැනීමට සුදුසුකම් 3 ක්‌ සපුරාලියයි. ඒවා නම් උස අඟල් 51 ට වඩා අඩු වීම, බෝවන රෝග නොවීම සහ වයස අවුරුදු 50ට අඩු වීමයි. කෙසේවෙතත් මෙහි 19 ත් 48 ත් අතර උස අඩු මිනිසුන් 100 කට වඩා විවිධ රැකියාවන්හි නිරත වෙන බව වාර්තා වෙනවා.

short1

short22

short3

short4

short5

short6

short7

short8

short9

short10

short11

short12

ld add copy

Connet With Us